Ads 468x60px

.

ඉන්දියාවේ ටෙලිනාට්‍යක සනත් ජයසූරිය රඟ පෑ විනාඩි 2ක පමණ චරිතයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉන්දියාවේ හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන නළුවාගේ මිතුරාගේ චරිතය රඟපෑමට නියමිත පුවත අප පසුගිය දිනෙක ඔබ වෙත ගෙන ආවා...ඒ අනුව


ඉන්දියාවේ කලර්ස් ටී.වී මඟින් දිනපතා විකාශන කරන ටෙලිනාට්‍යක් වන "නා බෝලේ තුම් නා මේන් කුච් තා" හි විනාඩි 2ක පමණ චරිතයක් සඳහාද ජයසූරිය පෙනී සිටියා.

ඉන්දියානු රූපවාහිනී නාලිකා වෙත කෙමෙන් කෙමෙන් ලංවූ මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉදිරියේදී ඉන්දියාවේ හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන නළුවාගේ මිතුරාගේ චරිතය රඟපෑමට
එක්වන අතර
ඉන්දියාවේ සිටින කාලයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් පැමිණ ඔහුගේ චිත්‍රපටයක චරිතයකට රඟපාන ලෙස ජයසූරියට ආරාධනා කර තිබූ අතර ඉන්පසු ලංකාවට පැමිණීමෙන් පසුවද එම අධ්‍යක්ෂ වරයා ඒ පිළිබඳව පණිවුඩ එවූ බැවින් මෙම චිත‍්‍රපටයේ රඟපාන ලෙස කල ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප නොකරන බවයි ජයසූරිය පවසන්නේ.

එම චිත‍්‍රපටයේ නම හෝ එහි ප‍්‍රධාන නළුවාගේ හෝ නිළියගේ නම තවම හෙළිවී නැහැ


 
එහෙත් ඉන්දියාවේ පැවැත්වූ රියලිටි ටි.වී තරඟයක් වූ "ජලක් දික්ලා ජා" තරඟයට නර්තනයෙන් සහභාගීවූ සනත් ජයසූරියට එහි නර්තන වට කිහිපයකින් ඉවත්වීමට සිදුවුණා.

"නා බෝලේ තුම් නා මේන් කුච් තා" නාට්‍යයේ ජයසූරිය රඟපෑ වීඩියෝව පහතින්. 
 
Related Posts with Thumbnails