Ads 468x60px

.

පළා යාම ජිවිතයේ අර්ථය කරගත් ලාංකිකයා..

මුලින්ම බර්ගර්වරු උද්ඝෝෂණ  පිකටින් වලින් තොරව ඔස්ට්‍රේලියාවට පළා ගියහ.ඉන්පසු ද්‍රවිඩයන් රට අතහැර පළා ගොස්  වෛරය  කේන්ද්‍ර කරගත්  ඩයස්පෝරාව නිර්මාණය කළහ.

පිටරට ශිෂ්‍යත්ව ලද්දන් , සංචාර සඳහා ගියවුන් යලි මාබිමට නොපැමිණ එහිම ගල් වී තම පළා යාම ද්විතිකව නිර්මාණය කරගත්හ.


අනතුරුව භීෂණ කාලයේ අපට ගල්කටස් පෙන්වා මව්බිම නැත්නම් මරණය කියූ දේශප්‍රේමින් බටහිරට පළා ගොස්  එක රැයින් ඒ රටවල් තම මව්බිම කර ගත්හ. ලසන්තගේ අවාසනාවන්ත මරණය තම වාසනාවන්ත වීසා අවසරපත්‍රය කරගත් මල් පත්තරකාරයන්ද ස්ව කැමැත්තෙන් පළා ගොස් පිටුවහළේ මාධ්‍යවේදීන් වුහ.


ආණ්ඩුවට කඩේ ගිය කලාකාරයන්ද ,  උගතුන්ද ,සිවිල්   ක්‍රියාධරයන්ද, ගොට්ට ඇල්ලුවන්ද  ආදී මෙකි නොකී පාර්ශව කඩේ යාම අතහැර සීත රට වලට  පළා ගියහ.


කොටින්ට කඩේ යමින් ලේ තැවරුණු කොටි සල්ලි වලින් යැපුණු මානවවාදින්ද  පැදුරටත්  නොකියාම පළා ගියහ.ආණ්ඩුවේ හෙන්චයියන්  සියල්ල ලෑටි ගා ගංගා වල  ඇති වැලි පවා බාගෙන කනවිට විට අනාගතයක් නොදුටු තරුණයන් ට්‍රෝලර් වලින් පිටරටට පළා ගියහ.


අධ්‍යාපනයට  සුදුසු රැකියාවක් සොයා ගැනීමට මාර්ගයක් නොමැති නිසා කොරියාවට හෝ පළා යාමට ඉටා ගත් මිනිසුන්ගෙන් ඉල්ලුම්පත් පෝලිම් පිරි ගියහ.පළා යාමට ක්‍රමවේදයක් නොමැති වූ හා අවස්ථාව නොලද්දන් පළා යාම වෙනුවට මව්බිමේ ජිවත් වීම ගැන ප්‍රලාප දොඩමින් පළා ගියවුන් විවේචනය කරමින් මහා දේශප්‍රේමින් වුහ.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails