Ads 468x60px

.

රූ රැජින කිරුළ චීනයේ යූ වෙන්සියාට...

මෙය චීනය විසින් ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් 2 වැනි අවස්ථාවයි...

ලෝක රූ රැජිණ අවසන් මහා තරගයට ලොව පුරා රටවල් 116ක්...

මෙහි විශේෂත්වය ජායාරූප සඳහා පෙනීසිටියේ එම කාන්තාරයේ සිට වීමයි...

ලෝක රූ රැජින තරඟයට එක රටක් නියෝජනය කරමින් තරඟකාරියන් දෙදෙනෙකුට ඉදිරිපත් වීමකට නොහැකි බැවින් චීනයේ පැවති මිස් වර්ල්ඩ් 2012 සඳහා චීනය බලා පිටත්ව ගියේ සුමුදු ප්‍රසාදිනී ය.


දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ පළමුව ජයග්‍රාහිකාව ලෙස විනු සිරිවර්ධන නම් කොට කිරුල ලබාදී පසුව ගණිතමය දෝෂයක් නිසා ප්‍රතිඵලය වැරදි ගොස් ඇති බව කියමින් සුමුදු ප්‍රසාදිනී හට කිරුල ලබාදී අලකලංචියක් වූණා.


එම මිස් වර්ඩ් තරඟයේ අවසන් වටය පෙරේදා පැවැත්වූ අතර එහිදී රූ රැජින කිරුළ දිනාගැනීමට චීනය නියෝජනය කළ යූ වෙන්සියා සමත් වුණා. ඇයට එම කිරුළ පැළඳුවේ 2011 ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවියන් ලුහාසෙනල් විසිනි.


දෙවන හා තුන් වන ස්ථාන දිනාගත්තේ 19 හැවිරිදි ව්‍යාපාර කළමණාකරණ සිසුවියක වන වේල්ස් හි එලිසබත් මෝල්ඩ් හා 23 හැවිරිදි නීතිවේදී සිසුවියක වන ඕස්ට්‍රේලියාවේ ජෙසිකා මයිකල් ය.

චීනය විසින් ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් 2 වැනි අවස්ථාව මෙය වේ. මීට පෙර එම කිරුළ ඔවුන් දිනාගත්තේ 2007 වසරේදීය. කිරුළ දිනාගත් යූ වෙන්සියා 23 හැවිරිදි වන අතර ඇය සංගීත සිසුවියකි. අනාගතයේ සංගීත ගුරුවරියක් වීම ඇගේ බලාපොරොත්තුවයි.

උතුරු චීනයේ අන්තර් මොංගෝලියානු නගරයක් වන ඔඩෝස්හිදී පැවති මෙම ලෝක රූ රැජිණ අවසන් මහා තරගයට ලොව පුරා රටවල් 116ක් පමණ නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වූනා.

මුහුදෙන් කිලෝමීටර් 700ක් පමණ ඈතින් වූ ඔඩෝස් නගරය පිහිටා තිබුනේ ගෝබි කාන්තාරය යාබද නිසා බිකිනි ඇඳුම් සහිතව මෙම සුරූපිනියන් ජායාරූප සඳහා පෙනීසිටියේ එම කාන්තාරයේ සිට වීම මෙහි විශේෂත්වයකි.



එම අවස්ථාවේ ජායාරූප එකතුවක් මෙතනින්.




සුමුදු ප්‍රසාදිනී චීනයේදී තමා ගැන කළ හැඳින්වීම පහතින්.



මිස් වර්ල්ඩ් කිරුළ පැළඳූ තරඟයේ අවසන් අවස්ථාව පහතින්.

 
Related Posts with Thumbnails