Ads 468x60px

.

දරුඵල ගන්න කාන්තාවකට රෑට අඳින ඇඳුමක්‌ අරගෙන එන්න කිවූ කට්ටඩියාට වැඩ වරදියි

සැමියාට නොපවසා ඇඳ ඇතිරිල්ලක්‌, රාත්‍රියට අඳින ඇඳුමක්‌ සහ තුවායක්‌ රැගෙන කියලා...

අළු පාටට හුරු කුඩු හා ගුලි වර්ග බීමට මෙන්ම කෑමටත් දීලා...

මහා බලගතු අඳුනක පිහිටෙන් දරු ඵල මෙන්ම සිතන පතන දේ ඉෂ්ට කර දෙන බව පවසා රට පුරා කාන්තාවන්ගෙන් මුදල් හා රන් භාණ්‌ඩ වංචා කළ පාරම්පරික වෛද්‍යවරයකු යෑයි කියා ගන්නා පුද්ගලයකු දෙල්ගොඩ මීගහවත්තේදී පොලිසිය අත්අඩංගුවට අරගෙන තියනවා.

බණ්‌ඩාරගම, අරුක්‌ගොඩ කාන්තාවක්‌ හා කළුතර දකුණ කාන්තාවන් දෙදෙනකු

පානදුර පොලිසියට කරන ලද පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාවන් වයස අවුරුදු 39, 40 හා 57 වැනි වියෙහි පසුවන්නන් බව පොලිසිය කියයි.

වෙලා තියෙන දේ, වෙන්න තියෙන දේ නිවැරදිව පැවසීම, නඩු හබවලින් ජය අත්කර දීම, දරුඵල ලබාදීම ආදී කරුණු රාශියක්‌ ඇතුළත් කර තිබෙන අත් පත්‍රිකාවක්‌ ප්‍රසිද්ධ කරමින් මෙම පුද්ගලයා ගම්පහ, කැලණිය, පානදුර, කළුතර, මහනුවර, ඇහැලියගොඩ සහ පෑලියගොඩ ඇතුළු නගර රාශියක්‌ කේන්ද්‍රකොට ගනිමින් කාන්තාවන් රවටා මෙම වංචාව කර ඇතැයි පොලිසිය කියයි.


මෙම සැකකරුට ස්‌ථිර පදිංචියක්‌ නොමැති අතර කුඩා නිවාස කුලියට ගෙන එක තැනක ඉතාමත් කෙටි කාලයක්‌ පදිංචි වී සිටිමින් නිතර නිතර පදිංචිය වෙනස්‌ කරන බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී ඇත.


සියලුම තොරතුරු ජංගම දුරකථනය හා සම්බන්ධ වීමෙන් කතිකා කර ගෙන මහ මඟ හෝ ඔහුගේ පිහිට පතා එන කාන්තාවන් ගේ නිවසේදී හෝ කතා බහ කර ගනුදෙනු ද ඒ ආකාරයෙන් සිදුකර වසර ගණනාවක්‌ පුරා මෙම වංචාව කර ඇතැයි පොලිසිය කියයි.


මෙම වංචාවට හසු වූ අලුබෝමුල්ල ප්‍රදේශයේ කාන්තාව සහෝදරයට දරු ඵල ලබා දෙන ලෙස ඉල්ලමින් රුපියල් හැත්තෑපන්දහසක මුදලක්‌ හා රුපියල් ලක්‌ෂයක්‌ පමණ වටිනා රන් වළලු හතරක්‌ද, කළුතර දකුණ කාන්තාවක්‌ දරු ඵල ලබා ගැනීමට කියා රුපියල් පනස්‌ දහසක මුදලක්‌ ද අනෙක්‌ කාන්තාව ඉඩමක පාරක පවතින අධිකරණ තීන්දුව වෙනස්‌ කර දෙන ලෙස ඉල්ලමින් රුපියල් විසි දහසක මුදලක්‌ද සැකකරුට ලබාදී ඇතැයි පොලිසිය කියයි.


ලබාගත් මුදල් වෙනුවෙන් සැකකරු දස දහස්‌ වරක්‌ අඳුනේ තබා මතුරන ලද බව පවසා වතුර, අළු පාටට හුරු කුඩු වර්ගයක්‌ හා ගුලි වර්ග බීමට මෙන්ම කෑමට ද ලබාදී ඇති බව එම කාන්තාවන් පොලිසියට කළ පැමිණිලිවල සඳහන් වේ.


සැකකරු දුන් උපදෙස්‌ අනුගමනය කරමින් දිගු කලක්‌ මතුරන වතුර පානය කළ හා ගුලි ආහාරයට ගත් කාන්තාවකට දරු ඵල මෙන්ම බලාපොරොත්තු නොලැබීම නිසා ඒ බව සැකකරුට පැවසීමෙන් අනතුරුව සැමියාට නොපවසා ඇඳ ඇතිරිල්ලක්‌, රාත්‍රියට අඳින ඇඳුමක්‌ සහ තුවායක්‌ රැගෙන පානදුර නගරයට පැමිණෙන ලෙස සැකකරු එම කාන්තාවට පවසා ඇතැයි පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරු විවාහ දෙකක්‌ කර ගෙන ඇති පුද්ගලයකු වන අතර එම කාන්තාවන්ට ද දරුවන් නොමැති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.


සැකකරුගේ මෙම වංචාවට හවුල් වූ අයෙක්‌ වෙතොත් නොපමාව පානදුර පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලි කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.
සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
Related Posts with Thumbnails