Ads 468x60px

.

රාත්‍රී සමාජ ශාලාවලට යන එක වරදක් නොවෙයි – අනූෂා

මිනිසුන් මවාගෙන ඉන්නා අමුතු දෙයක් ක්ලබ් ඇතුලේ සිදුවෙන්නේ නෑ...

බියර් එකක් දුම්වැටියක් තමාගේ කැමැත්ත පරිදි පාවිච්චි කිරීම වරදක්‍ නෙමෙයි...

මෝස්තර නිරූපිකාවක් වන අනුෂා රාජපක්ෂ මේ දිනවල ‘ඉටිමල්’ හා ‘සද හිරු තරු’ ටෙලිනාට්‍ය හරහා ද දක්නට ලැබෙන අතර ඇය නොබෝ දිනකින්ම සිනමාවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියි. 


ඒ නීටා ප්‍රනාන්දු නිර්මාණය කළ ස්වර සිනමා නිර්මාණය හරහායි. නිරූපිකාවකගේ ජීවිතය ගැන වෙනස් විදියේ අදහස් කීපයක් අනූෂා සතිඅන්ත පුවත් පතකට පවසා ඇත.

කලගෙඩිහේන ගමෙන් පැමිණි අනූෂා මේ වන විට ටෙලිනාට්‍ය දහයකට පහළොවකට පමණ රංගනයෙන් දායක වී ඇත. නිරූපිකාවකට ජනප්‍රියත්වය අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණියාට කිසිවෙකුගේ ලැජ්ජා බය නැති නොවන බවත් අනුෂා පවසයි.

නිරූපිකාවන් මෙන්ම ‍බොහෝ පිරිස් ලංකාවේ රාත්‍රී සමාජ ශාලාවලට යන අතර මසකට වරක් දෙවරක් ‍මිතුරන්ව මුණගැසෙන්න එසේ යෑම වරදක් නැහැ කියා අනූෂා පවසයි. ඒ වගේම රාත්‍රී සමාජශාල යනු එක්තරා ආකාරයක විනොදාස්වාදය ලබන තැනක් බවත් කාර්යබහුල ජීවිතයේ විවේකයක් ලැබෙන මොහොතක මිතුරන් සමග එකතු වී ‍‍විනෝදවෙන්න ලැබෙන ස්ථානයක් බවත් ඇය පවසයි. 

ඒවගේම මිනිසුන් මවාගෙන ඉන්නා ආකාරයෙ කිසිම අමුතු දෙයක් ක්ලබ් ඇතුලේ සිදුවෙන්නේ නැති බවත් අනූෂා පවසා ඇත.බියර් එකක් දුම්වැටියක් තමාගේ කැමැත්ත පරිදි පාවිච්චි කිරීම වරදක්‍ නොවන බවත් නමුත් ඇය මේ කිසිවක් පාවිච්චි නොකරන බවත් ඇය පවසා ඇත.
 
ගමෙන් පැමිණි තමාට නිදහස අයුතු ලෙස පාවිච්චි කර නරක දේවලට ඇබ්බැහි වීමට අවස්ථාව ලැබුණු නමුත් ඇය ‍ඒ ‍කිසිදෙයකට යොමු නොවුණ බවත් ඇය අවසානයේ පවසා ඇත.

 

 
Related Posts with Thumbnails