Ads 468x60px

.

මන්ත‍්‍රී රංගේ බණ්ඩාර සහ බිරිඳ අතර ගුටිබැට හුවමාරුවක් - බිරිඳ රෝහලේ

භාර්යාව වුනත් ඔවුන් නීත්‍යානු කූලව විවාහ වෙලා නැතිලු...

පුත්තලම දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සහ ඒ මහතාගේ බිරිඳ අතර ගුටිබැට හුවමාරුවකින් මන්ත‍්‍රී වරයාගේ බිරිඳ රෝහල් ගතකර තිබේ.


ඇය ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර රංගේබණ්ඩාර මහතා ද සීරිම් තුවාල ලබා එම රෝහලට පැමිණි ඇත.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රංගේ බණ්‌ඩාර මහතාගේ දෙවැනි කසාදයේ බිරිඳ ලෙස ජීවත් වූ බව කියන බර්නදෙත් විජයලතා (47) මහත්මියයි.ඇය විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව තමන්ගේ කලින් කසාදයේ දරුවා පිටරට යෑවූ බව ද ඒ සඳහා දුන් මුදල ඉල්ලා වරින් වර රංගේ බණ්‌ඩාර මහතා තමාට කරදර කරන බව ද ඔහු පෙරේදා රාත්‍රි තමාට පහර දුන් බව ද මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇති බව ද ඇය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව භාර්යාව බව පැවසුවත් ඔවුන් නීත්‍යානු කූලව විවාහ වී සිටි අය නොවන බවද පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාම පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදු කරමින් සිටී.
 
Related Posts with Thumbnails