Ads 468x60px

.

වැල්ලවත්තේ මව පියා සහ නැගණිය අබිරහස්‌ අන්දමින් ඝාතනය පුත්‍රයාගේ වැඩක්ලු!

ඝාතනයට හේතුව ලව් එකට විරුද්ධ වුන හින්දලු ...

මල සිරුරු සුදු රෙදිවලින් වසා කපුරු බෝල දමා කාමරය පුරා සුවඳ විළවුන් ඉහලා...

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ පිහිටි කුලී නිවසකදී සිය මව පියා සහ නැගණිය අබිරහස්‌ අන්දමින් ඝාතනය කර පලා ගියේ යෑයි සැකකරන පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ වැල්ලවත්ත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

සැකකරු පවත්වාගෙන ගිය බව කියන ප්‍රේම සම්බන්ධතාවකට විරුද්ධ වීම නිසා සහ දේපළ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්‌ මත මොහු මෙම ත්‍රිත්ව ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

මේ දක්‌වා සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ සැකකරු කිසියම් විෂක්‌ ශරීර ගත කිරීමෙන් මව, පියා සහ නැගණිය මරා දමන්නට ඇති බවයි. එම සිරුරුවල බාහිර තුවාල කිසිවක්‌ දක්‌නට නැතැයිද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්‌ව ඇත්තේ වෘත්තියෙන් රියෑදුරකු වූ හැට හැවිරිදි කුමාර ස්‌වාමි (පියා), පනස්‌අට හැවිරිදි පූපති (මව), සහ විසිතුන් හැවිරිදි කුමාර ස්‌වාමි අනතිප්‍රියා (නැගණිය) යන අයයි.


සැකකාර පුත්‍රයා කොළඹ ප්‍රධාන පෙළේ බෙහෙත් ද්‍රව්‍ය ආනයනය කර බෙදාහරින ආයතනයක බෙදාහැරීමේ කළමනාකරු ලෙස වසර කිහිපයක සිට සේවය කරයි. කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු විසිනව වැනි වියේ පසුවේ.

ඔහු කොළඹ රැකියාවට පැමිණි පසු වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ අංක 06 නිවසේ කොටසක (ඇනෙක්‌සියක) පදිංචිව සිට ඇත. හදිසි අවශ්‍යතාවකට යෑයි කියමින් සැකකරු පසුගිය 12 වැනිදා සිය මෝටර් රථයෙන් කොටගල නිවසට ගොස්‌ මව, පියා සහ නැගණිය කොළඹට කැඳවාගෙන පැමිණ ඇති අතර,  පසුව මොවුන් සිය කුලී නිවසේ නතර කර ඇත.



පසුගිය 15 දා රාත්‍රියේ එම කුලී නිවසේ කිසියම් ආරවුලක්‌ හටගත් බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇත. එම සිද්ධියෙන් පසු 16 දා උදැසන සැකකරු නිවසේ දොරගුළු වසා දමා පිටට යන අයුරුද ප්‍රදේශවාසීන් දැක තිබේ.


පෙරේදා (18 දා) පෙරවරුවේ කුලී නිවසින් අධික දුර්ගන්ධයක්‌ පිටවීම නිසා නිවස හිමි කාන්තාව ඒ පිළිබඳ වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ එම නිවසට ගොස්‌ දොරවල් කඩා බලද්දී කාමරයක ඇඳ මත වැටී තිබූ මවගේ පියාගේ සහ නැගණියගේ සිරුර සොයාගෙන ඇත.




එම සිරුරු අධික ලෙස නරක්‌වී තිබී ඇත. ඒවා සුදු පැහැති රෙදිවලින් වසා දමා ඒ මත කපුරු බෝල දමා කාමරය පුරා සුවඳ විළවුන් ඉස තිබූ බවද පොලිසිය පවසයි.

මේ අතර කිසියම් බෙහෙත් වර්ගයක කොටසක්‌ද කාමරේ වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.  මෙම සිද්ධියෙන් පසු සැකකරු 16 දා සවස කොටගල ප්‍රදේශයේ සිය නිවසට ගොස්‌ ඔහුට අයත් ඇඳුම් පැළඳුම් සහ තවත් භාණ්‌ඩ කිහිපයක්‌ රැගෙන පැනගොස්‌ ඇතැයි පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

වැල්ලවත්ත, රාමක‍්‍රිෂ්ණ මාවතේ නිවසක තිබී හමුවුණු මළ සිරුරු 03 සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ මළ සිරුරු තුන කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර ඇති බවයි.

 
Related Posts with Thumbnails