Ads 468x60px

.

ඇටඹගස්‌යාය හඬවමින් 14 හැවිරිදි සුලානි අවසන් ගමනේ

දියණිය "පපුව දනවා" කියමින් කෑගසමින් සිටියා...

මගේ ඇඟ දනවා ආච්චි නෑවොත් නම් හරියයි කිව්වා...

මරුවා සමග පැය ගණනක්‌ පොර බදා අවසන් හුස්‌ම පොද වාතලයට මුසු කළා...

එක කුස උපන් දරුවන් රණ්‌ඩු සරුවල් කර නොගන්නේ මොන රටේද? ඒත් එම රණ්‌ඩු සරුවල් දුර දිග ගොස්‌ මිනී මරාගන්නා අවස්‌ථාද දැන් දැන් අසන්නට ලැබෙන්නේ අවාසනාවටම බව අපට සිතේ. මේ කියන්නේ එවන් රණ්‌ඩු සරුවලයකින් පසු මිනීමරාගත් කතාවක්‌ නොවේ. එය සියදිවිනසා ගැනීමකි.

රිදීගම රිදීවිහාර විද්‍යාලයේ 9 වසරෙහි අකුරු කරමින් සිටි ඈ පදිංචිව සිටියේ රිදීගම නගරයට නුදුරු ඇටඹගස්‌යායේය. එස්‌. ඒ. සුලානි අනුපමා සුබසිංහ 14 හැවිරිදි ය. ඇගේ වැඩිමල් සොයුරිය 18 හැවිරිදිය. ඈ අකුරු කරන්නට ගියේ නිවසේ සිට සැතැපුම් 15 ක්‌ පමණ දුර පිහිටි ඉබ්බාගමුව මැදි විදුහලටය.

මව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කොට ආපසු එද්දී සවස්‌වන බැවින් සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩ කරන්නේ අක්‌කා-නගෝ දෙදෙනාය.වළං ටික සේදීමට ගොස්‌ දෙදෙනා

කෙහෙවලු පටලවා ගත්හ. කුස්‌සියේ වැඩවලට වැඩි බරක්‌ දරන සුලානිට මේ බහින් බස්‌ වීම දරා ගත නොහැකි විය.

සියල්ල ගසාදමා ගෙතුළට පැමිණි සුලානි මවගේ කාමරයට ගොස්‌ යම් ඖෂධ පෙති වර්ගයක්‌ පිර වූ කුප්පියක්‌ රැගෙන නාන කාමරයට රිංගා එම පෙති කටේ හළා ගත්තේ බිම ද විසිරුවමිනි.

සියල්ල සන්සුන්ය. මව වැඩ ඇරී පැමිණ ඇඳේ හාන්සි විය. සුලානි දියණිය ඇගේ කාමරයේ ඇඳේ එහෙට මෙහෙට පෙරළෙයි. මව නාන කාමරයට ගියේ ඔය අතර තුරේදීය.

තමා දියවැඩියාව සඳහා ගන්නා පෙති කීපයක්‌ නාන කාමරයේ බිම වැටී තිබෙනු දැක මවට යම් සැකයක්‌ දැනිණි. වහා දියණිය සිටි කාමරයට යන විටත් ඇය "පපුව දනවා" කියමින් කෑගසමින් සිටියාය.

වහා අහල පහල අයට කෑගසා රිදීගම රෝහල වෙත සුලානි රැගෙන එන විට රාත්‍රි 7.30 ට පමණ විය. රිදීගම රෝහලේදී වමනය කරවා වහාම කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත රෝගියා මාරු කර යෑව්වේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය.

ශරීරයේ සීනි මට්‌ටම ඉතා සීඝ්‍රයෙන් පහත බසින්නට වූයෙන් මගේ ඇඟ දනවා ආච්චි නෑවොත් නම් හරියයි" කියා ළග සිටි තම ආච්චි අම්මාට කිව් සුලානි පසු දින මරුවා සමග පැය ගණනක්‌ පොර බදා අවසන් හුස්‌ම පොද වාතලයට මුසු කළේ රිදීගම ප්‍රදේශයම කම්පාවට පත්කරවමිනි.
 
Related Posts with Thumbnails