Ads 468x60px

.

කටු නොගසා එන්නත් කරන අලුත්ම ක්‍රමය.

කටුවකින් විදින්නේ නැතුව එන්නතක් ලබා ගන්න පුළුවන් නම්...? 

මේ එවැනි ආරංචියක්...
 
කවුරු කවුරුත් එන්නත් කරනවාට බය වෙන්නේ පුංචි වේදනාවක් එයින් දැනෙන නිසයි. කුඩා දරුවන් එන්නත් කරනවාට බය මේ වේදනාව දරන්න ඔවුන්ට අපහසු යැයි සිතන නිසායි. 

කොහොම නමුත් එන්නත්වලට බය වැඩිහිටියොත් අප අතර ඉන්න බව නම් බොරුවක් නොවෙයි. කොහොම නමුත් කටුවකින් විදින්නේ නැතුව එන්නතක් ලබා ගන්න පුළුවන් නම්...? 

එහෙම නම් කවුරුත් එන්නත් ගැන බය වෙන එකක් කම් නෑ. මේ එවැනි ආරංචියක්. දකුණු කොරියාවේ සියොල් ජාතික විශ්විවද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් විසින් සොයාගන්නා ලද නවතම එන්නත් කිරීමේ ක්‍රමයක් නිසා කටුවක් නොගසා එන්නත් කර ගන්න හැකියාව ලැබී තිබෙනවා. මෙම එන්නත් කිරීම සිදු කරනු ලබන්නේ ලේසර් භාවිතා කරමිනි. 

එහි ඇති විශේෂත්වය වෙන්නේ වේදනාවක් නොදැනී
සිසිල් සුළං පහරක් හමන පරිදි එන්නත් කිරීම පිළිබඳව දැනීම ඇති කිරීමයි.මෙම නවීන සිලිංජයට පුරවන ලද ඖෂධ තත්පරයකින් මිලියන 250ක් වැනි ක්‍රඩා කිලයක් තුළදී බුබුළු ස්වභාවයකට හැරෙයි. ඉන්පසු එන්නත් කරන ස්ථානයට සිරින්ජය තබා පිස්ටනය තද කළ විට එම බුබුළු බවට පත්වූ ඖෂධ ශරීරයට එන්නත් වීම සිදු වෙයි. 

එම එන්නත් කිරීම සිදු වන්නේ මිනිස් ශරිරයේ සමෙහි ස්නායු නොපිහිටන මයික්‍රො මීටර 500 ක් තරම් වෙන ගැඹුරකටයි. ස්නායු නොපිහිටන ගැඹූරකට එන්නත්වීම සිදුවෙන බැවින් කිසිදු වේදනාවක් රෝගියකුට නොදැනෙන බව මෙම විශේෂඥ කණ්ඩායම පවසා සිටියි. 

මීට පෙරද මෙවැනි එන්නත් ක්‍රම කිහිපයක් අත්හදා බලා තිබුණද වඩා සාර්ථකත්වයට පත් වූයේ මෙම ලේසර් තාක්ෂණයෙන් එන්නත් කරන ක්‍රමය බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසයි.
 
Related Posts with Thumbnails