Ads 468x60px

.

නාගයකු සමග ජීවත් වූ ක්ලියෝපැට්රා නයි නළඟනට නාගයා නැතිව නින්ද යන්නේ නැතිලු

ඇයට කිසිම මානසික ලෙඩක් නෑ...

සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය නළඟන අත්අරින්නෙත් නැතිලු...

ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්...

නාගයකු සමග ජීවත් වූ සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්නට (ඩිලානි) සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ද, ඇය නාගයා ආදරයෙන් රැකබලා ගත්තේ යැයිද ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වුවා.

ඇය කිසිම වරදක් කර නැති හෙයින් නිදහස් කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියා .ඇයට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය දැන්වුවා.

ඔක්තෝබර් 11 වැනිදාට පෙර එසේ කරන්නැයි දැනුම්දුන් මහේස්ත්‍රාත් ඉන් පසුව ඊට විරෝධතා මතුකිරීමට විත්තියට හැකි බව සඳහන් කලා.

සතුන් වත්තට බාර දී ඇති නාගයාගේ අයිතිය එම නළඟන අත් නොහරින බවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවද අර්ස කුලරත්න මහතා කීවා. 


ඔහු සමග තවත් නීතීඥවරු කීපදෙනෙක්ම ඇය වෙනුවෙන් පෙනී සිටියා. ඇයට කිසිම මානසික ලෙඩක් නැතැයි උසාවියට ඉදිරිපත් කළ මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහවන් වෙනවා. ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව කියනවා.

අධිකරණයෙන් පිටදී එම නළගන පැවසුවේ නාගයා නැතිව තමනට නින්ද ද නොයන බවයි.

නයින් සමග රැඟුම් පෑ අපූරු නළඟනන්...

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇගපුරා නයා සපා කෑ සලකුණු...

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇත්ත කතාව...

රූමත් තරුණියක් ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් අරගෙන ඇවිත්...

 

 

 

 
Related Posts with Thumbnails