Ads 468x60px

.

ගයාතී‍‍්‍ර කි‍‍්‍රස් ගේල්ට ලං වෙලාලු...

නයනා මේ තරම් අහංකාර ඇයි...?

ජනපි‍‍්‍රය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරි අලූ‍ත් රංගනයකට ඇඳ ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

සැබෑ ජිවිතේදිත් ටිකක් අහංකාර බව කියන නයනා මෙවර ඇඳ ඇත්තේ 'අහංකාර ස්ති‍‍්‍රය’ කටය.

නොඑ‍සේ නම් ඇය පසුගිය 15 වැනිදා වැඩ ආරම්භ කෙරුණු 'අහංකාර ස්ති‍‍්‍රය’ ටෙලියේ ප‍‍්‍රධාන චරිතයට පණ පොවනවා.

පැරණි චිත‍‍්‍රපටයක් වූ 'අහංකාර ස්ති‍‍්‍රය’ නැවත ටෙලියක් ලෙස ප‍‍්‍රති නිර්මාණයවීමේදී එහි ප‍‍්‍රධාන චරිතය වූ 'රෝහිණී’ ගේ චරිතයට පණ පෙවීමට ලැබීමද විශාල භාග්‍යක් බව නයනා පවසනවා.


ඇය 'යශෝධරා’ හා 'අහස් ගව්ව’ ටෙලි නාට්‍ය නිසා මෙන්ම රූපලාවන්‍යාගාරයේ වැඩ නිසාත් මේ දිනවල කාර්ය බහුල බවද පැවසෙනවා.

මේ අතර නයනාගේ කිට්ටුම මිතුරිය බව කියන යොවුන් අධ්‍යක්‍ෂවරයෙකුගේ බිරියක්, නිළියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයාතී‍‍්‍ර ඩයස් බටහිර ඉන්දීය කොදෙව් පිලේ කි‍‍්‍රස් ගේල්ට මනසින් ළංව ඇති බවද පැවසෙනවා.

ඇය ලෝක කුසලාන විස්සයි - 20 කි‍‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ගියේද කොදෙව් කී‍‍්‍රඩක කි‍‍්‍රස් ගේල් දැකගන්න බව පැවසෙනවා.

කෙසේවුවද ගේල් ගේ නැටුම නිසා ගේල්ට මනාප බවද ගයාතී‍‍්‍ර පවසනවා. නයනා හා ගයාති‍‍්‍රගේ ඇසුර දසවසරක් පමණ පැරණි එකක් වන අතර, එය පාසල් වියේදී ඇති වූවක් බවත් ප‍‍්‍රසිද්ධ රහසකි.

වසර 1992 දී ශී‍‍්‍ර ලංකා රූ රැජින තරගයේ ඡායා කාන්තාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ගයාතී‍‍්‍ර 1994 වසරේදී සිරස රූ රැජින ලෙසද සම්මානයට පාත‍‍්‍රවූවාය. ඇයට රූපලාවන්‍ය ආයතනයක් ද තිබෙන අතර නේචර්ස් සීක්‍‍්‍රට්’ වෙළෙඳ නාමයේ හිමිකාරිනියද ඇයයි.

අය විවාහ වී සිටින්නේ යොවුන් අධ්‍යක්‍ෂවරයෙකු වන චන්න පෙරේරා සමඟය. නයනා කුමාරි රංගනයේ මුලකුරු කියවනු ලැබුවේ මීට වසර විස්සකට පෙර ඔතෙලෝ වේදිකා නාට්‍යට එක් වෙමිනි. ඇය කස්තිරම ටෙලි නාට්‍යයේ ලතාගේ චරිතයෙන් පුංචි තිරයේ දස්කම් පා පේ‍‍්‍රක්ෂක හිත දිනාගත්තාය.

නයනා පසුගිය කාලයේදී පේ‍‍්‍රක්‍ෂකයන් අතර වඩාත් කතාබහට ලක්වූයේ චාතුර්යා 1, 2, පබා, ගජමන් නෝනා, අසනි වැහි, මං හින්දා හා පබළු වැනි ටෙලිනාට්‍ය නිසාය. නයනාට පාසල් යන වයසේ පුතෙක් සිටින අතර, ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙකි.

ඇය විවාහ වී ඇත්තේ වසර නවයක පමණ ආදර සම්බන්ධයකින් පසුව වන අතර, මොවුන්ගේ දැන හැඳුනුම්කමට අවුරුදු 17 ක් පමණ වන බවත් පැවසේ.
 
Related Posts with Thumbnails