Ads 468x60px

.

එන වසරේත් වාහන බදු අඩු නොවන ලකුණු..

බොහෝ දෙනා වාහන ගැනීමේ අදහස කල් දමා ඇත්තේ අයවැයෙන් යම්කිසි සහනයක් බලාපොරොත්තුවෙන්... 

ලංකාවට ගෙනා අලුත් වාහන වලට ඇති ඉල්ලුම පහල බැස ඇති හෙයින් ලංකාවට ආනයනය කල වාහන නැවත හරවා යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බොහෝ දෙනා සිතුවේ ඉදිරි අයවැයේදී මෙම ගැටලුවට පිලියමක් ලෙස රජය විසින් ආනයන බදු නැවතත් අඩු කරනු ඇති බවය.
ඒ අනුව බොහෝ දෙනා මේ දිනවල වාහන ගැනීමේ අදහස කල් දමා ඇත්තේ අයවැයෙන් යම්කිසි වෙනසක් වන ඇති බව සිතමිනි.


නමුත් වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටින්නේ ඉදිරි අයවැයේදී වාහන බදු අඩු නොවන බවට
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පි.බි ජයසුන්දර මහතා විසින් තමන්ට සහතිකයක් ලබා දී ඇති බවකි.

2011 වසරේදී වාහන බදු අඩු වීමත් සමග මෙරටට් ගෙන්වූ වාහන ප්‍රමාණය විශාල ලෙස වැඩිවූ අතර එය වෙළඳ හිගය පුළුල් වීමටද බලාපා ඇති බව යන මතයේ සිටමින් රජය විසින් නැවතත් බදු විශාල
වශයෙන් වැඩි කරනු ලැබුවා.

ඒ අනුව පසුගියදා අයවැය සකස් කිරීමට ප්‍රථම වාහන ආනයනකරුවන් ගේ සංගමයේ සභාපති සමග සිදුකරන ලද සාකච්චාවකදී පි.බි ජයසුන්දර මහතා ප්‍රකාශකොට ඇත්තේ වාහන බදු මෙම වසරේත් අඩු නොකරන බවයි.
 
Related Posts with Thumbnails