Ads 468x60px

.

වතුර යටින් ගිහින් නාමින් සිටි සුරූපී කාන්තාවකගේ මුළු ඇඟම අතගාලා...

ඇඟ අල්ලද්දී කාන්තාව නංගීත් එක්ක  ඔහුට පහර පිට පහර දීලා...

සිය සැමියා සහ නැඟණිය සමඟ මීගමුව වෙරළ උද්‍යාන මුහුදු තීරයේ දියනාමින් සිටි සුරූපී යොවුන් විවාහක යුවතියකට දියයටින් ගොස්‌ ඇයගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර ඇයට ලිංගික අතවර කිරීමේ පුවතක් මීගමුවෙන් වාර්තා වුනා.


වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේයි.


ඇය සිය සැමියා සහ නැඟණිය සමඟ මුහුදේ නෑම සඳහා මීගමුව වෙරළ උද්‍යානයේ ඒත්තුකාල වෙරළ තීරයට පැමිණ මුහුදේ නාමින් සිට ඇත. මෙහි සැකකරු එම කාන්තාවන් දෙදෙනාට සමීප වීමට තැත්කරද්දී එම කතුන් සැකකරුගෙන් මඳක්‌ ඈතට ගොස්‌ මුහුදේ නාමින් සිට ඇත. 


එම අවස්‌ථාවේ සැකකරු දියයටින් පිහිනා ගොස්‌ එම විවාහක කතගේ ශරීරය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර සිදුකොට ඇත. එහිදී එම කත විසින් සැකකරුට පහරදී ඇති අතර ඇගේ නැඟණියද සැකකරුට පහරදී ඇත. පසුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පමුණුවා ඇත.

රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ සැකකරු වූයේ තිස්‌සමහාරාමය බෙරලිපොල වම් ඉවුරේ පදිංචි එම්. එරංග චන්ද්‍රවංශ නමැත්තෙකි. මෙම සැකකරුට එරෙහිව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙම අතවර සිද්ධියට මුහුණ දී ඇත්තේ කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්හලක සේවය කරන සුරූපී විවාහක කතකි.

චෝදනාව මත රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
 
Related Posts with Thumbnails