Ads 468x60px

.

රේඩියෝ චැනල් එකක් හින්දා වෙච්චි හදියක්...

ඔය පිස්‌සු හටන අහවල් රේඩියෝ චැනල් එක අහන්නේ...

ඒ චැනල් එකෙන් කතා කරනවා කියනවකෝ. එතකොට අනිවාර්යයෙන්ම කතා කරයි...

පසුගිය පාසල් නිවාඩු කාලයේ මැදවච්චිය ප්‍රදේශයේ පාසලක ගුරුවරුන්ගේ වැටුප ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කරනු ලැබීය.

නමුත් වැටුප් ලේඛනය ගුරුවරුන් පැමිණ අත්සන් කළ යුතුය. වැටුප් ලේඛනය සියලුම ගුරුවරුන් පැමිණ අත්සන් කළත් එක්‌ ගුරු මහත්මියක්‌ පමණක්‌ පැමිණියේ නැත.

වැටුප් ලේඛනයේ කටයුතු අවසන් කර ගැනීමට එම ගුරුවරියද අත්සන් කළ යුතුය. නමුත් දින ගණනාවක්‌ ගත වුණත් ගුරුවරිය පැමිණියේ නැත.


ඔය ගුරුතුමියගේ ගෙදරට කෝල් එකක්‌ අරන් කියනවා හෙටම ඇවිල්ලා මේ පේසීට්‌ එක අත්සන් කරලා යන්ඩ" යෑයි විදුහල්පතිවරයා ඔහුගේ කාර්යාල කාර්ය සහායකට පැවසුවේය.

ඒ අනුව කාර්යාල සහායකවරයා අදාළ ගුරුතුමියගේ නිවසට දුරකථන ඇමතුමක්‌ ගත්තේය. අනෙක්‌ දෙසින් ඇමතුම ගනු ලැබුවේ ගුරුවරියගේ දියණිය විසිනි.

මව නොමැති බව දියණිය පැවසුවාය. දින කීපයක්‌ දුරකථන ඇමතුම් ගත්තත් රිසිවරය ඔසවන දියණිය පවසන්නේ මව නිවසේ නොමැති බවකි.

කාර්යාල සහායක ඒ බව විදුහල්පතිවරයාට දැනුම් දුන්නේය.

"ඔය පිස්‌සු හටන අහවල් රේඩියෝ චැනල් එක අහන්නේ, ඒ චැනල් එකෙන් කතා කරනවා කියනවකෝ. එතකොට අනිවාර්යයෙන්ම කතා කරයි..." යනුවෙන් විදුහල්පතිවරයා උපදෙස්‌ දුන්නේය.

ඒ අනුව කාර්යාල සහායක නිවසට ඇමතුමක්‌ ලබා ගත්හ. පුරුදු පරිදි දියණිය අනෙක්‌ දෙසින් කතා කළේය.

"ආ... දුව මම මේ..."

රේඩියෝ චැනල් එකෙන් කතා කරන්නේ... අම්මා ඉන්නවද? යෑයි කාර්යාල සහායක විමසුවේය.

දින ගණනක්‌ දුරකථනයට නොපැමිණි ගුරුතුමිය අනෙක්‌ දෙසින් කතා කළේය.

"මිස්‌ අපි මේ කතා කළේ ඔබතුමිය නිතරම අහන රේඩියෝ චැනල් එක මොකක්‌ද කියලා දැන ගන්ඩ" යෑයි විමසුවේය.

"අනේ මම හැම වෙලාවෙම අහන්නේ අහවල් රේඩියෝ චැනල් එකනෙ. ඒක හරි හොඳ චැනල් එක" යෑයි අහසට සම්බන්ධ නමක්‌ ඇති ගුවන් විදුලි නාලිකාවක නමක්‌ පැවසුවාය.

ඒ ඇසුන කාර්යාල කාර්ය සහායකයාට යක්‌ෂයා ආරූඪ විය.

"තමුසේ මොන මඟුලේ රේඩියෝ චැනල් එක ඇහුවත් අපිට වැඩක්‌ නැහැ. ඉක්‌මනට ඇවිල්ලා මේ වැටුප් ලේඛනේ අත්සන් කරලා යනවා" යෑයි කාර්යාල සහායකයා පැවසීය.

පසුදින උදෑසනම ඇය පැමිණ ලේඛනය අත්සන් කරනු ලැබුවාය.
 
Related Posts with Thumbnails