Ads 468x60px

.

මහව උඩගම යුවළ මියගිය අබිරහස මෙන්න...

තරුණ බිරිඳගේ ගෙලෙහි වයරයක්‌...

සැමියා අඩක්‌ පානය කළ බියර් බෝතලයක්‌...

සැමියාගේ සිරුර සොයා ගන්නා අවස්‌ථාවේ නිරුවත්ව තිබිලා...

අබිරහස්‌ අන්දමින් මියගිය තරුණ අඹුසැමි යුවළකගේ සිරුරු මහව උඩගම ප්‍රදේශයේ නිවසක තිබියදී මහව පොලිසිය මගින් පෙරේදා 15 වැනිදා රාත්‍රී සොයාගෙන තිබුනා.

මෙම යුවළ දින 4 කට පමණ උඩදී මිය යන්නට ඇති බවට සැක පහළ
කරනවා. මෙහිදී මිය ගොස්‌ සිටි බිරිඳගේ ගෙල වයරයකින් සිරකර තිබූ බවට සාක්‍ෂි ලැබී ඇතැයි පොලිසිය පවසනවා. තරුණ සැමියා සිය බිරිඳගේ ගෙල වයරයකින් සිර කර ඇය මරා දමා පසුව ඔහුද වස පානය කර සියදිවි හානි කර ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.

එහෙත් මෙම මරණ සම්බන්ධයෙන්

මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තුරු ඊට හේතුව කුමක්‌දැයි නිවැරදිව කිව නොහැකි බව පොලිසිය පවසනවා. මෙම අඹුසැමි යුවළ පදිංචිව සිටි මහව උඩගම ප්‍රදේශයේ කුලී නිවස දෙසින් දැඩි දුර්ගන්ධයක්‌ වහනය වීම නිසා ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව විමසිලිමත් වී ඇත. පසුව ප්‍රදේශවාසීන් මේ පිළිබඳව මහව පොලිසිය වෙත දැනුම් දී තිබුනා.

මහව පොලිසියේ වැඩබලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක රුවන් චාමින්ද මහතාගේ උපදෙස්‌ මත පැමිණි පොලිස්‌ කණ්‌ඩායමක්‌ කුලී නිවස පරීක්‍ෂා කිරීමේදී එහි මිය ගොස්‌ සිටි අඹුසැමි යුවළගේ සිරුරු සොයා ගැනීමට හැකි වී
තිබුනා.

මළ සිරුරු සොයා ගන්නා අවස්‌ථාව වන විට එය දැඩි ලෙස කුණුවී විකෘතිව පැවතිණි. පසුව මෙම සිරුරු පිළිබඳව මරණ පරීක්‍ෂණ පැවැත්වීමට ඒවා කුරුණෑගල රෝහල් මෘත ශරීරාගාරය වෙත යෑවීමට මහව පොලිසිය කටයුතු කළේය.

මෙසේ අබිරහස්‌ අන්දමින් මිය ගොස්‌ සිටියේ මහව උඩගම කුලී නිවසක පදිංචිව සිටි 21 හැවිරිදි ගිහාන් මධුසංක සහ 19 හැවිරිදි කුමාරි සංජීවනී යන දෙදෙනා බව හඳුනාගෙන ඇත.

මොවුන් දෙදෙනා මහව මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පමණ උඩදීය. මොවුන් මෙම කුලී නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස 3 කට පමණ උඩදීය. ගිහාන් මධුසංක නමැත්තා ගඩොල් කැපීම සහ සුළු වෙළෙ
දාම් කටයුතු කරමින් ජීවත්වී ඇති බව පරික්‍ෂණවලදී හෙළිවී ඇත.

මරුමුවට පත්වූ තරුණ බිරිඳගේ ගෙලෙහි වයරයක්‌ බැඳ තිබූ අතර සැමියා අසල අඩක්‌ පානය කළ බියර් බෝතලයක්‌ද වැටී තිබී ඇත. සැමියාගේ සිරුර සොයා ගන්නා අවස්‌ථාවේ නිරුවත්ව තිබූ අතර ඔවුන් දෙදෙනා නිදන කාමරයේ වැටී සිටි බව පොලිසිය පවසයි.
 
Related Posts with Thumbnails