Ads 468x60px

.

මතුගම 11 හැවිරිදි දිදුල් රථ වාහන රාජකාරියට රෝබෝවක් හදයි...

පොලිස් නිලධාරියෙක් ජීවිතයෙන් වන්දි ගෙවූ පුවතට විසඳුමක්ලු...

දුරස්ථ පාලකයෙන් වගේම ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට හැකියි...

අවිනීත රියදුරන් හේතුවෙන් මහමග රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට තම ජීවිත පවා අහිමිවන අවස්ථාවන් කොතෙකුත් අසන්නට ලැබී තිබෙනවා. මෙයට විසදුමක් සෙවීමට මතුගම පාසල් දරුවෙක් සමත් වී තිබෙනවා.

ඒ රථ වාහන රාජකාරියට යෙදවිය හැකි රෝබෝවක් නිර්මාණය කිරීමෙනි. මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ 6 පන්තියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දිදුල් ලෝලිය අසුරමුණි නම් පාසල් ශිෂ්‍යයෙක් විසින් මේ නිර්මාණය කර තිබෙනවා.

මහ මග වාහන හසුරුවමින් සිටි පොලිස් නිලධාරියෙක් ජීවිතයෙන් වන්දි ගෙවූ පුවත රූපවාහිනයෙන් දුටු දිදුලගේ සිතට මෙයට විසදුමක් ලෙස රොබෝවක් නිර්මාණය කල යුතු බවට අදහසක් ඇතුළු වි තිබෙනවා.

ඉවත දමන දේවල් යොදාගෙන තම පියාගේ සහ බාප්පාගේ සහයෝගයෙන් දිදුල මේ නිර්මාණය කර තිබෙනවා. ටෝච් බල්බ්, එල්ඊඩි බල්බ්, හිස් තීන්ත බෝතල් වල යට පියන්, සෙල්ලම් කාරයක සර්කිට් එකක්, වයරින් බට, රිමෝට් එකක් සහ බැටරියක් මේ ‍ට්‍රැෆික් රොබෝව නිර්මාණය කිරීමට දිදුල දායක කර ගෙන තිබෙනවා.

මතුගම විදුහල ඉදිරිපිට දී මේ ‍ට්‍රැෆික් රොබෝව පළමු වරට අත්හදා බලා තිබෙනවා. ඒ සදහා පොලිසියේ ද උපරිම දායකත්වය දිදුලට ලැබිණි.

දුරස්ථ පාලකයෙන් වගේම ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට හැකි මේ ‍ට්‍රැෆික් රොබෝව ඉදිරියේදී කොළඹ දී පැවැත්වෙන නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට දිදුල බලාපොරොත්තුවෙන් සිටියි.

 
Related Posts with Thumbnails