Ads 468x60px

.

මර්වින් දුන් තනතුරු මර්වින්ම අවලංගු කරලා...

මර්වින්ගේ කීර්තිනාමයට හානි කරලාලු... 

දේශපාලන හා සංවර්ධන කටයුතු සංවිධානය කිරීමේදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආසනවල දේශපාලන ක්‍රියාකාරීන්ට තමා විසින් ලබා දී තිබූ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (09 වැනිදා) සිට අවලංගු කිරීමට මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පියවර ගෙන තිබෙනවා. 

මේ තනතුරුවලට අදාළව නිකුත් කළ හැඳුනුම්පත් උපයෝගි කරගෙන ඇමැතිවරයාගේ කීර්තිනාමයට හානි වන අයුරින් කටයුතු කරන බවට මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබීමත් සමඟ මෙම පියවර ගත් බව ද ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙනවා.

එම නිවේදනය මෙසේය.


දේශපාලන කටයුතු සහ සංවර්ධන කටයුතු සංවිධානය කිරීමේදී ජනතාවගේ පහසුව සඳහා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියලු ආසනවල මාගේ ක්‍රියාකාරීන්ට මෙන්ම දේශපාලන කටයුතු සඳහා මා හට සෘජුවම දායකත්වය ලබා දුන් අයට මාගේ අත්සනින් සම්බන්ධීකරණ ලේකම්, උපදේශක, සම්බන්ධීකාරක යන තනතුරු සඳහා හැඳුනුම්පතක්‌ ලබා දෙන ලදී. 


එම හැඳුනුම්පත් අයථා ලෙස භාවිත කරමින් මාගේ කීර්තිනාමයට හානි වන අයුරින් කටයුතු කරන බවට විද්යුත් මාධ්‍ය ඔස්‌සේ මා හට දැන ගැනීමට ලැබී ඇත.

එබැවින් මා විසින් ලබා දුන් ඉහත සියලු තනතුරු 2013.01.09 වැනිදා සිට අවලංගු වන බව දැනුම් දෙන අතර, එම හැඳුනුම්පත් වහාම අංක -302, ගාලු පාර, කොළඹ 04 පිහිටි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයට භාර දෙන ලෙස මාගේ සියලු දේශපාලන ක්‍රියාකාරීන්ට දන්වා සිටිමි.










 
Related Posts with Thumbnails