Ads 468x60px

.

රිසානා බෙල්ල කපා මරා දැම්මලු - ලංකා තානාපති කාර්යාලය..

මාස හතරක දරුවකු මැරීයැයි ඇයට තිබු චෝදානාවයි...

ඝාතනය රියාද් නුවරට බටහිරින්

රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවසුවා.

ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය. 


සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.  

සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටි ගෘහ සේවිකාවක වූ රිෂානා නෆීක් නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.

2005 වසරේදී හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියමවී සිටි ඇය ඒ වනවිට 17 වන වියේ පසුවිය. ඇගේ පදිංචිය වූයේ මුත්තූර් ය.


රිසානා නෆීක් 2005 වසරේ මැයි මාසයේදී හාම්පුතාගේ දරුවා මරා දැමීම නිසා වසර 7 ට ආසන්න කාලයක් පුරාවට සිර දඬුවම් විඳිමින් සිටියාය.

මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් ඇයගේ බෙල්ල කපා ඇය අද මරා දමා තිබෙනවා.


එහි සවිස්තර වාර්තාවක් පහතින්...

 







ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රිසානා නෆීක්ගේ මරණ දඩුවම සම්බන්ධයෙන් අදහස් දැක්විය. 

එම සිරස වීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails