Ads 468x60px

.

මහේෂිගේ ගායකයෙක් එක්ක හුටපටේ පට්ටපල් බොරුවක්ලු...

මහේෂිට එල්ලවුණු චෝදනා බොරුද…?

අවුරුදු 20 ක් වුණු මහේෂි ඒ කියන ගායකයාව දැකලාවත් නෑලු..

බඩජාරියා වගේ කන්නෙත් නෑලු...

මහේෂි මධුශංකා ගැන අපි මීට කලින් විස්තර වගයක් දැම්මනේ. ඉතින් අපි හිතුවා ඒවා ඇත්තද කියලා එයාගෙන්ම අහලා දැන ගන්න.

හොඳට කනවා කියන එකනම් මහේෂි පිළිගත්තා. ඒත් ඉතින් විනාඩි 5 න් 5 ට බඩජාරියා වගේ කන්නේනම් නෑලු. ඇත්තම කිව්වොත් ඉතින් එහෙම කන්න තරම් වෙලාවක් නෑනේ. 


යෝගට්නම් ඇති පදමට කනවාලු. හැබැයි ඒ අම්මා ගේන ඒවා තමයි. සෙට් එකෙන් හම්බවුණොත් ඉතින් එපා කියන්නේ නෑ. අපරාදයක්නේ. අර අහිංසක අම්මා නම් පව් කියලාත් හිතෙනවා දෝණි ඇන්දගේ යෝගට් කෑම ගැන ඇහුවම.

ඒ වගේමයි අපිට ආරංචි වුණානේ මහේෂි ගායකයෙක් එක්ක හුටපටයක් තියෙනවා කියලා. ඒකනම් පට්ටපල් බොරුවක්ලු. තාම අවුරුදු 20 ක් වුණු මහේෂි

ඒ කියන ගායකයාව දැකලාවත් නෑ. අපිටත් ඒක විශ්වාස කරන්න වෙනවා. මොකද ඒ ගායකයා මහේෂිගේ වයස වගේ දෙගුණයකටත් වැඩියි.

හැබැයි ඉතින් වේකන්සි තියෙනවා කියලා පස්සෙන් යන්න ගිහින් මහේෂිගේ හෙවනැල්ල වගේ පස්සෙන්ම ඉන්න එයාගේ අම්මාගෙන්නම් ගුටි කන්න යන්න එපා. දැන් කාලේ මිනිස්සු ගැන දන්න හින්දමද කොහෙද මහේෂිගේ අම්මා එයාගේ පස්සෙන්ම ඉන්නවා. කොහෙද ඉතින් ඇහැට කනට පේන ගෑණු ළමිස්සියෙක් දුටු තැන ඉවරයිනේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

මොනා වුණත් මහේෂිට මේ කතා කියපු කෙනානම් මේ වෙද්දිත් කෙනෙක්ට පණ වගේ ආදරය කරනවා කියලා ආරංචියි. ඒකනම් ඔන්න හැමෝම දන්න රහසක්.
 
Related Posts with Thumbnails