Ads 468x60px

.

ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවිය දූෂණයට ලක් වුණේ ඇගේම වරදින්ලු..

එම තරුණයන්ට බෑගෑපත් වූවා නම් ඇය දූෂණය කරන්නේ නැතිලු...

ඇයත් වරදකාරියක්ලු...

වෛද්‍ය සිසුවිය දූෂණයටත් පහර කෑමටත් ලක් වුණේ ඇගේම වරදින් බවත්, ඇයට එම අපරාධය කළ පුද්ගලයන් 6 දෙනා සේම ඇයත් වරදකාරියක බවත් ඉන්දීය ආධ්‍යාත්මික පූජකවරයකු වන 71 ක් හැවිරිදි අසරාම් බාපු කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

අසරාම් බාපු වැඩි දුරටත් කියා ඇත්තේ දූෂණයට ලක් වෙද්දී, ඇය එම තරුණයන්ට බෑගෑපත් වූවා නම් ඇය දූෂණයටත් පහර කෑමටත් ලක් නොවනු ඇතැයි කියාය.


මියගිය පසුවත් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ 23 හැවිරිදි එම තරුණියගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින්, ඉන්දීය මාධ්‍ය එකාමෙන් එක් වී, ඇගේ හෝ ඇගේ පවුලේ අයගේ හෝ අනන්‍යතාව හෙළි නොකිරීමට වග බලා ගත්තේය.


කෙසේ නමුත් ඇගේ පියා පෙරේදා (7) පැවැසුවේ ඉන්දීය කාන්තාවන් ආරක්ෂා කිරීමට තම දියණියගේ නමින් නීතීයක් සකස් කරන්නේ නම්, දියණියගේ නම හෙළි කරන බවය. තරුණියගේ පියා උත්තර ප‍්‍රාන්තයේ පදිංචි බඞ්රි සිං පණ්ඬේය. 

පෙරේදා ඔහුගේ ඡායාරූප ඉන්දීය පුවත් සේවා කිහිපයක පළ වී තිබුණි. මේ අතර ඉකුත් සති අන්තයේදී ඉන්දියාවේ ‘සීටීවී’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් තරුණියගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඔහු අවින්ද්‍ර පාන්ඬේය.

තරුණිය සමඟ සිට පහර කෑමට ලක් වූ 28 හැවිරිදි අවින්ද්‍ර පාන්ඬේගේ එක් පාදයක් බිඳී ඇති අතර ඔහු තවමත් ප‍්‍රතිකාර ලබන බව ද වාර්තා
වෙනවා. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට නියමිතව සිටි බව ද වාර්තා වෙනවා. 

එහි සවිස්තර වාර්තාවක් පහතින්

ඉන්දියාවේ නවදිල්ලි නුවර ගමන් කරමින් තිබුණු බස් රියකදී එහි රියැදුරු ඇතුළු පිරිමින් හය දෙනකුගේ අතවරයටත් පහර කෑමටත් ලක් වූ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව, දින 13 ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර කළ අභීත සටනකින් පසු, පසුගිය 29 වැනිදා අලූයම සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිද්දී, ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ අවසන් කටයුතු 30 වැනිදා සිදු කෙරුණි.

වෛද්‍ය සිසුවියගේ මරණය හේතුවෙන් නවදිල්ලි නුවර වැසියන් හෝ ඉන්දියාවේ සෙසු නගර වැසියන් හෝ මෙවර අලූත් අවුරුදු උදාව සැමරුවේ නැත. සිසුවියට අත්වූ එම ඛේදනීය ඉරණම ගැන මුළු මහත් ඉන්දියාව කැළැඹී ඇත. 



අතවරයට ලක් වූ අවස්ථාවේ ඇයට එම අතවර කළ ‘තිරිසනුන්’ අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලීසිය දැක්වූ උදාසීන බව හේතුවෙන් ද කාන්තාවන් අතවරයට ලක් නොවී සිටීමට වග බලා ගතයුතු යැයි ඉන්දීය පොලිස්පති කළ කතාවක් හේතුවෙන් ද කුපිත වූ නවදිල්ලි වැසියන් වීදි බැස විරෝධතා පවත්වමින් ඉන්දීය රජයට චෝදනා කරන්නට වූයේ ලිංගික අඩන්තේට්ටම් සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඉන්දීය කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ කොංග‍්‍රස් පක්ෂ රජයට නොහැකි වී බව පවසමිනි.

ජනතාවගෙන් සහ රජයෙන් එල්ල වූ පීඩනය හමුවේ, වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කළ සයදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වන විට ඔවුන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. ඔවුන්ට මරණ දඬුවම දෙන්නැයි ඉන්දීය ජනතාව සහ ශිෂ්‍යාවගේ පවුලේ අය ද ඉන්දීය රජයට බල කරමින් සිටින බව වාර්තා වේ.



අතවරයට ලක් වූ අවස්ථාවේ පටන් මිය යන මොහොත දක්වාත් ඉන්පසුවත් මෙම ශිෂ්‍යාව කාගේ කවුරුන්දැයි හෝ ඇගේ ඡායාරූප හෝ ඇගේ පවුලේ අය ගැන හෝ ඇයගේ පදිංචිය හෝ ප‍්‍රසිද්ධ නොකිරීමට ඉන්දීය මාධ්‍ය එක්වන්ව කටයුතු කළේය.  

තරුණිය ගැන හෝ ඇගේ පවුලේ අයගේ විස්තර හෝ මාධ්‍ය වෙත නිකුත් නොකෙරුණේ ඇගේත් පවුලේ අයගේත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින්ය. මෙහිදී ඉන්දීය මාධ්‍ය කටයුතු කළ ආකාරය ඇත්තෙන්ම ප‍්‍රශංසනීයය. 

ඉන්දියානුවන් එකා මෙන් වීදි බැස විරෝධතා දැක්වූයේ එම තරුණිය මොන වගේදැයි හෝ නොදැනය. තරුණියට අත් වූ එම ඛේදනීය ඉරණම ‘විකුණාගෙන කෑමට’ හෝ ඒ හරහා ප‍්‍රසිද්ධ වීමට හෝ ප‍්‍රවෘත්ති අතරින් පළමු තැනට පත්වීමට හෝ ඉන්දීය මාධ්‍ය ආයතන කිසිවක් කටයුතු නොකළේය.

ශිෂ්‍යාව අතවරයට ලක් වූ මොහොතේ සිට ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත්, ඉන්දීයානු වැසියන් සහ රජය ඒ ගැන දැක්වූ ප‍්‍රතිචාර ගැනත් පියවරෙන් පියවර, මොහොතින් මොහොත පුවත් රැගෙන ඒමේ දී ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ එන්.ඞී.ටීවී. පුවත් නාළිකාවයි. 


නම සඳහන් කළ නොහැකි වූ හෙයින් එන්.ඞී.ටීවී. ඇතුළු පුවත් සේවා ඇය හඳුන්වා දුන්නේ ‘ඩෝටර් ඔෆ් ඉන්දියා’ නැතහොත් ‘ඉන්දියානු දියණිය’ යන නමින්ය. මරණයත් සමඟ ඇය වීරවරියක් කිරීමට මාධ්‍ය වාර්තා සමත් විය. සෙසු මාධ්‍ය විවිධ අන්වර්ථ නාමයන්ගෙන් ඇය හැඳින්විය.

ඉන්දීය මාධ්‍ය ස්වයං වාරණයක් යොදා ගෙන එම ශිෂ්‍යාවගේ අනන්‍යතාව හෙළි නොකිරීමට කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක පැසැසුමට ලක් වී ඇත. මීට මාසයකට පමණ පෙර, බි‍්‍රතාන්‍යයේ හැරී කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් ආර්යාව ගැබ් ගෙන ඇතැයි පුවත් වාර්තා වූයේ ඇය බි‍්‍රතාන්‍ය රෝහලකට ඇතුළත් කර සිටිද්දීය. එම අවස්ථාවේ, ඇය ගැබ් ගෙන සිටි බව හැර ඇය ගැන වෙනත් තොරතුරු මාධ්‍යවලට නිකුත් නොකෙරුණි.

ඕස්ටේ‍්‍රලියාවේ එක් එෆ් එම් ගුවන් විදුලි නාළිකාවක නිවේදක දෙපොළක් බි‍්‍රතාන්‍යයේ එලිසබත් මහ රැුජින ලෙස හා චාල්ස් කුමරු ලෙස හඬ වෙනස් කරමින් එම රෝහලට ඇමතුම් දී එහි සිටි හෙදියක මුලා කර කේට් කුමරියගේ විස්තර ලබා ගත්තේය. 


ඉන්පසු පටි ගත කළ එම දුරකතන කතාබහ එම ගුවන් විදුලි නාළිකාව ඔස්සේ විකාශය කෙරුණේය. එසේ එම සිද්ධිය හෙළිදරවූ වීමත් සමග ඒ අවස්ථාවේදී තොරතුරු ලබා දුන් හෙදිය ඉන් ලජ්ජාවටත්, සිත්තැවුලටත්, කම්පනයටත් පත්ව දිවි නසා ගත්තාය.

ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය පදිංචිකාරියක වන එම හෙදිය දෙදරු මවක වූවාය. එම සිද්ධියෙන් පසු එෆ් එම් නාළිකාව ඔවුන්ගේ එම වැඩසටහන අත්හිටවූ අතර, පසුගිය වසරේ ලැබූ ආදායමෙන් කොටසක් එම හෙදියගේ පවුලේ අයට ලබා දීමට ද කටයුතු කළේය. වගකීමෙන් තොරව කි‍්‍රයා කරන මාධ්‍ය ආයතන ගැන මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් ම අසන්නට ලැබේ. 

ඉන්දියාවේ උත්තර ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක යැයි පැවැසෙන වෛද්‍ය සිසුවිය, නවදිල්ලියට පැමිණ සිිටියේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමටය. ඇය අතවරයටත් පහර කෑමටත් ලක් වූයේ පසුගිය 16 වැනිදා රාති‍්‍රයේ චිත‍්‍රපටයක් නරඹා, ශිෂ්‍ය නේවාසිකාගාරය බලා යමින් සිටියදීය. 


එම අවස්ථාවේදී ඇය සමඟ තවත් ශිෂ්‍යයෙක් ද සිටියේය. ඒ ඇගේ පෙම්වතාය. මොවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේ විවාහ වීමට සූදානමින් සිටි බව අනාවරණය වී ඇත. ශිෂ්‍යාවට අතවර කළ පිරිස එම ශිෂ්‍යයාටද දරුණු ලෙස පහර දී ඇති බවත් ඔහු මේ වන විට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තාවේ.


නවදිල්ලි රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටි එම ශිෂ්‍යාවගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය සිංගප්පූරුවට ගෙන යෑමට ඉන්දීය රජය පියවර ගත්තේ ඉකුත් 27 වැනිදා රාති‍්‍රයේය. ඒ සියල්ල සිදුවූයේ ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙනි. ඇය සිංගප්පූරුව බලා යැවුණේ ද විශේෂ ගුවන් යානයකිනි. ඇය සමඟ ඇගේ පවුලේ අයත් ඇයට ප‍්‍රතිකාර කළ ඉන්දීය වෛද්‍යවරු කණ්ඩායමත් සිංගප්පූරුවට ගියහ. 


ඇගේ ජීවිතය බේරා ගැනීමට තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ඇයට ප‍්‍රතිකාර කළ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍යවරුන් පැවැසුවත් ඔවුන් හැමවිටම කියා සිිටයේ ඇය ඒ වන විටත් මරණය අබියස සිටින බවය. ඒ අනුව දින 13 ක් තිස්සේ මාරයා සමග කළ සටනකින් පසු වෛද්‍ය ශිෂ්‍යාව 29 වැනිදා අලූයම 2.15 ට පමණ අවසන් හුස්ම හෙළුවාය.  

16 වැනිදා රාති‍්‍රයේ රෝහල් ගත කළ අවස්ථාවේ සිට ඉන්දීය අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙක් ඇයට ප‍්‍රතිකාර ලබා දෙමින් සිටියහ. ඔවුන් දිවා ? නොබලා ඇයට ප‍්‍රතිකාර කළ නමුත් ඇය ආසාදනයකට ලක් ව සිටින බව මාධ්‍ය හමුවේ කියා තිබුණි.


ඇය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරන ලෙස ඉන්දීය රජයෙන් ඔවුන්ට උපදෙස් ලබා දී තිබුණි. සිහිසුන්ව සිටි ඇය ශ්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටි අතර සිහි ලැබුණු අවස්ථාවලදී ඇය ඇගේ පවුලේ අය සමඟ පණිවුඩ හුවමාරු කර ගත්තේ කොළයක ලියා පෙන්වමිනි. 

රෝහල් ගත කිරීමෙන් පසු සිහි ආ පළමු අවස්ථාවේ දී ම ඇය විමසා ඇත්තේ ඇයට අපරාධය කළ පිරිස අල්ලා ගත්තා ද යනුවෙනි. ඔවුන්ට දඬුවම් කරන්නැයි ද ඇය අවසන් වරට ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර ඇත. 

- පෙර පුවත්
ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ දියණියගේ සැබෑ නම පියා හෙළි කරයි...
වෛද්‍ය ශිෂ්‍යාවගේ දුෂණයේ උණුසුම යන්නට මත්තෙන් තවත් ශිෂ්‍යාවක් දුෂණය කරලා...
බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව අවසන් ගමන් යයි...
බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව මියගිහින්...
 
Related Posts with Thumbnails