Ads 468x60px

.

ලංකාවේ පාතාලය ඉතාලියේ කප්පම් ගනිති.

දැනට ලංකාවෙන් ඉතාලියට පලා ගොස් සිටින පාතාලයේ මැරයන් විසින් ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ගැනීම, කාන්තාවන් පැහැර ගැනීම වැනි ක්‍රියා සිදු කරන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති. 

බොහෝ දේශපාලකයන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ සහයෙන් නීතියෙන් ගැලවී පලා ගොස් සිටින මේ පාතාල මැරයන් දරුණු පිළිලයක් වෙමින් සිටිති. මෙම පාතාල මැරයන් මිලානෝ හි ශ්‍රි ලාංකික ආපන ශාලාවකදී ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලියේ  සංචාරයකට පැමිණි ශ්‍රි ලාංකික  තරුණියකට බලහත්කාරකම් කිරීමට ද නොබෝදා උත්සහ දරා තිබුණි.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ලෙස කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොමැති තානාපති සේවය ගැන මෙලෝ හසරක් නොදන්නා දේශපාලන හෙන්චයියන් පත් කොට තිබීම නිසා මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් කිසිදු පියවරක් ගෙන නැත. 

තවද මෙම පාතාල මැරයන් සමග ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන සමහරක් නිලධාරීන්  මිත්‍රකම් පවත්වන බවටද ඉතාලි ශ්‍රී ලාංකිකයෝ හෙළි කරති.

මෙම පාතාලයන් සම්බන්දයෙන් තොරතුරු මිලානෝ පොලිස්ථානය දුරකථන අංක   02 62 261 හා ලංකාවේ ආරක්ෂක අංශ   0094112396072 දැනුම් දිය හැක.  

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails