Ads 468x60px

.

ඒ ආදරය මට ශක්‌තියක්‌ වුණා - අලු බඳුන ටෙලියේ සුගන්ධිකා (ආශා) කතා කරයි.

මගේ ජීවිතේ මෙතෙක්‌ හැමදේම හොඳින් සිදුවුණා...
විවාහයත් ඒ ආකාරයෙන් නිසි කාලයේදී සිදුවෙයි...

සුගන්ධිකා පවුලක බර කරට ගන්න තරමේ වයසක නෙමෙයි නේද ඉන්නේ?
 
නෑ සුගන්ධිකා එදිනෙදා ජීවිතේ වගකීම් දරන්න පුළුවන් වයසකයි ඉන්නේ. සාමාන්‍ය ජීවිතේදීත් අපිට ඔය වයසට යම් යම් වගකීම් බාරවෙනවනේ. මෙතනදී තාත්තගෙ වියෝවත් අම්මගේ අසනීප තත්ත්වයත් නිසා පවුලේ වැඩිමලා හැටියට සුගන්ධිකාට පවුල් බර ඉසිලීම අනිවාර්ය වීමයි වෙන්නේ.

ආදරයත් ඒ අතරට එක්‌වුණු ප්‍රධාන ප්‍රශ්නයක්‌ නේද?

මම හිතන්නේ ඒ ආදරය සුගන්ධිකාට ශක්‌තියක්‌. එයාගේ ජීවිතේ මතුවන හැම ප්‍රශ්නයකින්ම බේරෙන්න පුළුවන් මට්‌ටමකයි ඒ ආදරය පවතින්නේ.

සැබෑ ජීවිතේදී ආශාට මෙවැනි ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිදුවුණොත්?


සුගන්ධිකා පසුපස නම් ඒ ප්‍රශ්න ජයගන්න යම්කිසි බලවේගයක්‌ පවතිනවා. ආශා එදිරිසිංහ කියන මට ඔයවගේ ප්‍රශ්න ආවොත් මොනව කරන්නද කියල හිතා ගන්නවත් බෑ. මොකද සුගන්ධිකාට වගේ බලවේගයක්‌ නැති නිසා.

සුගන්ධිකා වැනි දුගී පවුලක තරුණියකගේ චරිතයක්‌ ඔබ රඟපාන ප්‍රථම අවස්‌ථාව මෙයද?

ඔව්. ඒත් මට ඒ චරිතය කරන්න අපහසු වුණේ නෑ. ඒ මගේ මව ලෙස රඟපාබ ජයනි සේනානායක කියන ප්‍රවීණ ශිල්පිනියක්‌. අධ්‍යක්‍ෂ දිනුක ප්‍රසාද් මහතාත් නිසා. ඔවුන්ගේ ගුරුහරුකම් නිසා මගේ චරිතය සාර්ථක වුණා.

මධ්‍යම පාන්තික තරුණියන්ගේ චරිත නිරූපණය කළ ඔබට මෙය දැනෙන්නේ?

ලොකු වෙනසක්‌ ගැමි චරිතයක්‌ම නොවන නිසා ඒ තුළ කිරීමට තිබූ දේ වැඩියි. ඒ නිසා මේ චරිතය මම සුවිශේෂී එකක්‌.

එකම නිර්මාණයක නිෂ්පාදිකාව හා ප්‍රධාන චරිතය නිරූපණය ඔබට දැනුනේ?

ඇත්තටම හිතට ලොකු බරක්‌ සහ වගකීමක්‌. 40 ක පමණ පිරිසකගේ සියලු ඕනෑ එපාකම් පෞද්ගලිකව සොයා බලන අතරතුර මගේ චරිතය වෙනුවෙන් වෙහෙසීම අසීරු කටයුත්තක්‌. ඒත් මගේ උපරිමය ඒ සඳහා කැප කළා.

අලු බඳුන ටෙලි නාට්‍යයේ පසුතල සොයාගත් ආකාරයගැන කිව්වොත්?

මුල ඉඳලම ඒ සඳහා තෝරාගන්නෙ කතරගම ප්‍රදේශය කියන තැන තමයි අපි හිටියේ කතරගමිනුත් ගොඩක්‌ ඇතුළත ප්‍රදේශවලයි. රූගත කිරීම් සිදුවුණේ. බොහෝ අපහසුතාවලට මුහුණ දුන්නත් රූපමය වශයෙන් ඒ තුළ තිබෙන ගුණාත්මක බව හැමෝම කතා කරද්දී අපි ගත් තීරණ නිවැරදියි කියල හිතෙනවා.

ඔබගේ නිෂ්පාදන ආයතනය හරහා ඉදිරිපත් කරන ටෙලි නාට්‍යවලට පමණක්‌ දායක වෙනවා කියන්නේ ඇත්තද?

මම ඉගෙන ගත්තේ වානිජ අංශයෙන්. ඒත් රැකියාවකට කොටුවීමේ අකමැත්ත හා නිර්මාණාත්මක වශයෙන් දෙයක්‌ කරන්න තියෙන කැමැත්ත නිසයි නිෂ්පාදන ආයතනයක්‌ පටන් ගත්තේ. මේ ආයතනය තුළ මට දරන්න තියන වගකීම් වැඩි නිසා වෙනත් නිර්මාණවලට දායක වෙන්න තියෙන අවස්‌ථාව අඩුයි. මම නිතර ඉන්න තැන මෙතන නිසා මෙහි සිදුවන නිර්මාණවලට සම්බන්ධ වීම පහසුයි. ඒකයි වෙනස.

ඉතා කෙටි කාලයක්‌ තුළ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ශිල්පිනියට හිමි සම්මානය ලැබීම පිළිබඳ ඔබේ අදහස ගොඩක්‌ සතුටුයි. ප්‍රේක්‍ෂකයො මාව මේ තැනට ගෙනාවේ අලු බඳුන නාට්‍යය හරහා. ඒ තුළ මා දකින්නේ ස්‌වාධීන රූපවාහිනියේ ජනප්‍රියත්වයයි. සුගන්ධිකාගේ චරිතයට මගේ උපරිම සාධාරණය ඉෂ්ඨ කළ බවට ප්‍රේක්‍ෂකයා තුළ තියෙන විශ්වාසය නිසා තමයි මේ සම්මානය මට හිමිවුණේ.

මෙය ඔබ රංගන දිවියේ ලැබූ ප්‍රථම සම්මානය එය ඔබට දැනන්නේ?

පළවෙනි සම්මානයම ප්‍රේක්‍ෂක සම්මානයක්‌ වීම මට ලොකු ශක්‌තියක්‌ සතුටක්‌. ප්‍රේක්‍ෂක ආදරය සෙනෙහස ලැබීම අමාරු දෙයක්‌. එය මට හිමිකර දුන්නේ ස්‌වාධීන රූපවාහිනිය. මම හැම විටම ස්‌වාධීන රූපවාහිනියට මගේ ගෞරවය ස්‌තුතිය පුදකරනවා. එය නැත්නම් ආශා කෙනෙක්‌ නෑ.

ඉදිරි රංගන කටයුතු පිළිබඳ යමක්‌ පැවසුවොත්?

බොහෝ නිර්මාණ කටයුතු සඳහා ආරාධනා ලැබී තිබෙනවා. ඒත් තවම අලු බඳුන ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් සිදුවන නිසා කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නෑ. මේකෙන් පස්‌සේ ඒ ගැන හිතල බලනවා.

කරුණු කාරණා මෙසේ සිදුවෙද්දී ඇයි විවාහය ප්‍රමාද වෙන්නේ?

මගේ ජීවිතේ මෙතෙක්‌ හැමදේම හොඳින් සිදුවුණා. වගේ විවාහයත් ඒ ආකාරයෙන් නිසි කාලයේදී සිදුවෙයි කියල මම හිතනවා.
 
Related Posts with Thumbnails