Ads 468x60px

.

පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ගේ බය නැති කරන්නයි මම එහෙම කිව්වේ - ඇන්ජලිනා

මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ... 

මුළු ලෝකෙටම කිව්වා.
ඇන්ජලිනාට පැසසුම් ගලයි...

සුපිරි නිළි ඇන්ජලිනා ජොලීට පසුගිය සතියේ ඇමෙරිකානු වෛද්‍ය වෘත්තිකයන් රැසකගේ ප්‍රශංසාව හිමි වුණා. 

ඒ පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය සැත්කමකට මුහුණ දී සුවය ලබා ඒ බව ලොවට හෙළිදරව් කිරීම නිසයි. ඇන්ජලිනාට පියයුරු පිළිකාවෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව වෛද්‍යවරු පැවසූ විට ඇයට සිහිපත් වුණේ තම මව ද එවැනිම පිළිකාවකින් මියගිය අයුරුයි.

වෛද්‍යවරු ඇන්ජලිනාට දන්වා තිබුණේ ඇයගේ පියයුරු පිළිකාවෙන් ජීවිතයට ඇතිවී තිබෙන අවදානම 87% ක් තරම් වන බවයි.

”පහුගිය පෙබරවාරි මාසයේ ඉඳල මට ප්‍රතිකාර කෙරුණා. ඉන් පස්සේ ශල්‍ය කර්මයක් සිදු කෙරුණා. මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ. මුළු ලෝකෙටම කිව්වා.


ඒ, පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ගේ බය නැති කරන්නයි. සමහරු මේ වගේ රෝගයක් තමන්ට තියෙන බව දන්නෙ නැහැ. ඒ අයගේත් අවධානය යොමු කරන්නයි මම, මගේ කතාව කිව්වේ.” ඇන්ජලිනා ඇමෙරිකානු පුවත් පතකට එලෙස ප්‍රකාශ කළා.
 
Related Posts with Thumbnails