Ads 468x60px

.

අචලාගේ කෘත්‍රිම අතට ජනපති අරමුදලෙන් ලක්‍ෂ 47ක්

රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් වම් අත කපා ඉවත් කළ නීති ශිෂ්‍යාවක වූ අචලා ප්‍රියදර්ශනීට (23) කෘත්‍රිම අතක් සවි කිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 47ක මුදලක් ඊයේ (4) ලබා දී ඇති බව අප වෙත වාර්තා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ නීති ශිෂ්‍යාවක වන අචලා මෙවර විභාගයට පෙනී සිටින අතර එය ජුලි 08 සිට 25 වනදා දක්වා පැවැත්වෙන බවත් ඉන් පසුව තම කෘත්‍රිම අත සවිකිරීම සඳහා ජර්මනිය බලා පිටත්වන බවත් ඕ පැවසුවා.


අනතුර සිදුවූ මොහොතේ පටන් මෙරට සියලු විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය තමාට ලබා දුන් සහයෝගය හේතුවෙන් කෘත්‍රිම අතක් ලබා ගැනීමට මාර්ගය පෑදුණ බවත්, ජනාධිපති තුමා ඇතුළු සහාය දුන් සියල්ලන්ට තම කෘතවේදීත්වය පළකරන බවත් පැවසූ අචලා තමාට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වූ සියලු දෙනාගේම සහයෝගය ඉදිරියේදී තමාට ලැබෙනු ඇති බවටද සිය විශ්වාසය පළ කළා.

අචලාට කෘතිම අතක් දෙන දේශපාලන පොරොන්දු සිහිනයක් වේ.

 
Related Posts with Thumbnails