Ads 468x60px

.

කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ කොල්ලන්ට බලපිය කියලයි - රත්නපුර මහෙස්‌ත්‍රාත්

තරුණයෝ තිදෙනෙක්‌ හෙදියගේ අඟපසඟ අතගාලා...

එකෙක් කලවය මිරිකලා...

රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු ජුනි 07 දා දක්‌වා බන්ධනාගාර ගතකර තිබෙනවා.

එසේ බන්ධනාගාර කරනු ලැබුවේ රත්නපුර සමන් පෙදෙස සහ බටුගෙදර පදිංචි තරුණයෙන් තිදෙනෙකි. ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌
තිබෙනවා. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබෙනවා.

හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට
තිබෙනවා. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ තිබෙනවා. ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබෙනවා. ලිංගික අතවරය කළ පුද්ගලයා හෝ සෙසු පුද්ගලයන් නොහඳුනන නමුත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවද, එසේ වුවහොත් කාන්තාවකට බියකින් තොරව පාරේ ගමන් කිරීමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන බවද කීවේය.

ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.
 
Related Posts with Thumbnails