Ads 468x60px

.

පෙට්ටියේ නිදන ෆින්ලන්ත බබාලා...

ෆින්ලන්තයේ සෑම දරුවෙකුම පාහේ තමන්ගේ ජීවිතයේ මුල්ම මාස කිහිපය ගතකරන්නේ පෙට්ට්යකය. 

ඒ පෙට්ටිය දුප්පත් පොහොසත් භේදයකින් තොරව රජයෙන් සැමට නොමිලේ ලැබෙන්නකි.

වසර 75 පුරා ෆින්ලන්තයේ ගර්භනී මව්වරුන්ට රජයෙන් තෑගි පාර්සලයක් ලැබේ. ඇඳක් ලෙස පාවිච්චි කළ හැකි මේ පෙට්ටියද ඊට අයත්ය.


 ළමා ඇඳුම්, ඇඳ රෙදි, මෙට්ටයක්, සෙල්ලම් බඩු ඇතුළු ළමා උපකරණ එම තෑගි අතර වෙයි. වැඩෙන විට එක ලොව තුළ ඇති දෙලොව දකිනු ඇති නමුදු පොඩ්ඩන් ජීවිත‍ය අරඹන්නේ, සමානයින් ලෙසය.

මේ තෑගි පෙට්ටිය වෙනුවට මව්වරුන්ට යුරෝ 140ක මුදලක් ලබා ගැනීමේ හැකියාව ඇති නමුදු මේ තෑගි කට්ටලය ඊට වඩා වටිනා බැවින් 95%ක් මව්වරු තෑග්ග තෝරා ගනිති.

රජයෙන් ලැබෙන මෙම පහසුකම ෆින්ලන්තයේ උපත් මරණ අනුපාතිකය අවම මට්ටමක තබා ගැනීමට ඉවහල් වී ඇති බව කියවේ.
 
Related Posts with Thumbnails