Ads 468x60px

.

විශේෂඥ වෛද්‍යවරුන් නිසා සමාජයේ අසරණ රෝගීන්ට සිදුවන ඛේදජනක ඉරණම...

විස්‌තර කියන්නට මේ වෛද්‍යවරිය අපට ඉඩ දුන්නේ නැහැ...

අපට නිහඬ වන ලෙස යළිත් ටිකක්‌ තදින් කීවා... 

අප නිහඬ වුණා...

අපරික්‍ෂාකාරී ලෙස රෝග විනිශ්චයකර ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් හොරණ කනන් විල අංක 250 බී නිවසේ පදිංචි එස්‌. ආර්. සේනානායක නැමති 63 හැවිරිදි අයකු අද ඉතා අසරණ හා අපහසු තාවන්ට පත්ව සිටිනවා. එම රෝගියා සම්බන්ධව ඔහුගේ බිරිඳ වන පියසීලි සේනානායක මහත්මියගෙන් අප මේ ගැන විමසුවෙමු.

මගේ ස්‌වාමිපුරුෂයා මුඛයේ තුවාලයක්‌ සහිතව රෝගාතුර වුණා. රෝගයේ අවදානම් තත්ත්වය හේතුකරගෙන හොරණ පෞද්ගලික වෛද්‍ය සේවයක විශේෂඥ වෛද්‍යවරියක්‌ වෙත යොමු කළා. 2012.12.07. අපේ පරම්පරාවේ කාටත් රක්‌තවාත රෝගය තියෙනවා. 


කකුල්, අත්, ආදියේ තුවාල හැදෙනවා. මේ විස්‌තර කියන්නට මේ වෛද්‍යවරිය අපට ඉඩ දුන්නේ නැහැ. අපට නිහඬ වන ලෙස දැන්වුවා තුවාල නිසි පරීක්‍ෂාවට යොමු කළේ ද නැහැ. මේ පරීක්‍ෂණ කරගෙන 2012.12.08 දින හොරණ මූලික රෝහලේ නියමිත සායනයට එන්න යෑයි උපදෙස්‌ දුන්නා. 

අප රෝගී තත්ත්වය ගැන යළිත් කීවා. අපට නිහඬ වන ලෙස යළිත් ටිකක්‌ තදින් කීවා. අප නිහඬ වුණා. මාගේ ස්‌වාමිපුරුෂයාට ලාදුරු රෝගය වැළඳී ඇති බව දැන්වුවා. අංක 246 යටතේ රෝහලේ ලියාපදිංචි කළා.

ඉන්පසු වසරක්‌ සඳහා ලාදුරු රෝගයට නියමිත බෙහෙත් නියම කළා. අපි විශේෂඥ වෛද්‍යවරියගේ උපදෙස්‌ අනුව ප්‍රතිකාර කළා. මාස එකහමාරක්‌ ගතවුණා. රෝගියාට අතුරු ආබාධ රාශියක්‌ මතුවුණා. 


ශරීරය අප්‍රාණිකවීම, ආහාර අරුචිය, ක්‌ලාන්තය, සමෙහි වර්ණය විකෘති වීම ආදී රෝග මතුවුණා. මේ ගැන මම අදාළ වෛද්‍යවරියට දැන්වුවා. ලාදුරු රෝගයට මෙවැනි රෝග ලක්‍ෂණ මතුවන බව ඇය පැවසුවා. රෝගියා ඉතාම දුර්වල තත්ත්වයට පත්වුණා. 

ඇගේ උපදෙස්‌ මත ප්‍රතිකාර අත්හිටෙව්වා. ඉන්පසු අපේ අවශ්‍යතාවට අනුව 2013 ජනවාරි 18 දින හොරණ රෝහලේ දන්ත සායනයට යොමු කළා. එම වාර්තා අනුව රෝගියාව දකුණු කොළඹ රෝහල (කළුබෝවිල) වෙත යොමු කළා.

එම රෝහලේදී රෝගියාගේ මුඛයෙන් මස්‌ කැබැල්ලක්‌ ගෙන මහරගම පිළිකා රෝහල වෙත පරීක්‍ෂණ සඳහා යෑව්වා. රෝගියාගේ මුඛයේ පිළිකාවක්‌ බව එම පරීක්‍ෂණවලට පසුව අපට දැන්වුවා. එසේ දැන්වූයේ 2013 පෙබරවාරි 15 වැනිදා.

තවද මෙම කාලය ඇතුළත මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයෙක්‌ ද අප නිවසට ආවා. ලාදුරු රෝගීන්ට පාවිච්චිය සඳහා ලබාදෙන සපත්තු ද රැගෙන ආවා. මෙම රෝගියාට එය අවශ්‍ය නොවන බව පවසා ආපසු රැගෙන ගියා. 


දැනට අපි ගම්පහ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නවා. ගෙවී ගිය කාලය තුළ අපි දැඩි කරදර ගොඩකට වැටුණා. රෝගියාගේ වර්තමාන මුහුණේ ස්‌වභාවය නිසා ඔහු නිවසින් පිටතට යන්නට කැමති නැහැ. ගම්පහ වෙද මහත්තයව හොරණ කනන්විලට ගෙන ඒම සඳහාත් ප්‍රවාහන ගාස්‌තුත් ගෙවන්නට ඕනෙ.

මගේ ස්‌වාමිපුරුෂයා ජීවත් වුණේ ගව පට්‌ටි පාලනයෙන්. ඒ ගවයන් ඔක්‌කොම විකුණලා රෝගියාට වියදම් කළා. අපිට ඉන්නෙ එකම දුවයි. දුවගේ ළමයින් දැන් ගෙදර එන්නේ නැහැ. කුලී නිවසක ඉන්නේ. මටත් ස්‌ථිර ආදායමක්‌ නැහැ. 


මෙබඳු විශේෂඥ වෛද්‍යවරුන් නිසා සමාජයේ අසරණ රෝගීන්ට සිදුවන ඛේදජනක ඉරණම හේතුවෙන් මුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම දැඩි අප්‍රසාදයට ලක්‌වෙනවා. අදාළ විස්‌තර සටහන් සියල්ල මා ළඟ තියෙනවා. 

මේ අසාධාරණ හිතුවක්‌කාර ක්‍රියාමාර්ගයන් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස්‌ නිලධාරීන්ගේත් හොරණ මූලික රෝහලේත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
 
Related Posts with Thumbnails