Ads 468x60px

.

දන්ඕවිට සිට බෙහෙත් ගන්න ආ මන්ද මානසික මවට හා දුවට අතවර කළ හමුදා සෙබලා.


මානසික රෝගියකු වන තම මෑණියන් සමඟ බෙහෙත් ගැනීමට රාගම රෝහලට පැමිණි අවුරුදු 15 ක්‌ වයසැති දියණිය තම නිවසට කැඳවා ගෙන ගොස්‌ දින 3 ක්‌ තිස්‌සේ ලිංගික අතවර කළ හමුදාවෙන් පලා ආ සෙබළකු පිලිබඳ පුවතක් දන්ඕවිට ප්‍රදේශයෙන් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ දන්ඕවිට ප්‍රදේශයේ පදිංචි මව හා දියණිය බෙහෙත් ගැනීමට රාගම රෝහලට 21 දා පැමිණි අවස්‌ථාවේ ඔවුන් හා පැවැති කතා බහෙන් පසු මවගේ
දුරකථන අංකය ලබා ගත් සොල්දාදුවා එම අංකයට කතා කිරීමෙන් සම්බන්ධය ඇති කර ගෙන තිබෙන බවයි.

වරකාපොල ඇති තමන්ගේ නිවසට ඔවුන් දෙදෙනා කැඳවා ගත් සැකකරු දින 3 ක්‌ තිස්‌සේ ඔවුන් දෙදෙනාටම ලිංගික අතවර කර තිබෙනවා.

විවාහක පුද්ගලයකු වන
සොල්දාදුවා කටුගස්‌තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු බිරිඳගෙන් වෙන්ව තනිකඩ ජීවිතයක්‌ ගෙවන දෙදරු පියෙකි. සොල්දාදුවා මවට හා දියණියට කරන ලද ලිංගික අතවර සම්බන්ධව අත් අඩංගුවට ගෙන තිබෙනවා

මෑණියන්ගේ වයස අවුරුදු 37 ක්‌ වන අතර දියණිය අවුරුදු 15 මාස 7 කි.සොල්දාදුවා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔක්‌තෝබර් 29 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. දියණිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා රෝහල් ගත කර තිබෙනවා.
 
Related Posts with Thumbnails