Ads 468x60px

.

බිරිඳ අතහැර 'මිහිර සිරිතිලක' විදෙස් ගතවේ


මේ වන විට විදේශගත වී සිටින මිහිර සිරිතිලක විදෙස්ගත වීමට පෙර පැවැත්වූ සාකච්චාවකි මේ.

ඔබ විදෙස්ගතවන්නේ ඇයි?
“මම රඟපාන ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ විදේශ සංචාරයකට යන්නයි අපි මේ දවස්වල සූදානම් වෙන්නේ. ලබන සතියේ විතර ඔස්ට්‍රේලියාවේ වගේම නවසීලන්තයත් බලා පියාසර කරන්න යන මේ ගමන ගැන දැනෙන්නේ සතුටක්. 


විදේශ රටක සිටියත් ඒ මිනිස්සුන්ට අපිව අමතක වෙලා නැහැ කියලා දැනෙන හැඟීමට බොහොම වටිනාකමක් තිබෙනවා.”

මිහිර අසලම, ඔහුගේ සෙවණැල්ල සේ ඉදිමින් සිටින්නී ඇයයි. ජීවිත ගමනේ පැමිණි ඕනෑම දුකක්, සැපක් එකසේ බෙදා ගනිමින් ඔහුට

ශක්තියක් වූ මිහිරගේ සොඳුරිය ගීතිකා මධුරංගි ය.

කොහොමද ගීතිකාට මිහිරව මුණ ගැසෙන්නේ?
“මම ඒ කාලයේ රැකියාව කළ ස්ථානය පිහිටලා තිබුණේ මිහිරගේ බෝඩිම ආසන්නයේ. ඒ දැකලා හඳුනා ගැනීම තමයි විවාහයකට මුල පුරන්නේ. දැන් අපි විවාහවෙලත් අවුරුදු දහයක් විතර ගත වුණා. ඒ කාලය ඇතුළේ අපි අපේ ජීවිතය ගොඩනඟා ගත්තා. මිහිර කියන්නේ මට හොඳ සැමියෙක්.”

ගීතිකාගේ සෙනෙහෙබර නෙත් දිදුලයි.

ඔබට ගැළපෙන බිරින්දෑම ද ලැබුණේ?
“අපේ විවාහ ජීවිතයට වසර ගණනාවක් ගතවුණා. ඇය මාව තේරුම් ගෙන වගේම මමත් ඇයව තේරුම් ගෙන තමයි අපි ජීවිතය ගෙවන්නේ. මගේ සියලු කටයුතු හොයලා බලලා කරන්නේ ඈ තමයි. ඈ නිසා මට සැලසිලා තිබෙන පහසුකම් බොහොම අගෙයි.”

මිහිරගේ මුවඟට නැගෙන සිනහ රැල්ලේ කතා බොහොමයකි.

“ඇත්තම කිව්වොත් ඔහුගේ සෑම කටයුත්තක්ම මම සොයා බලන්නේ බොහොම සතුටෙන්. අපි දෙන්නා නිතරම ගන්න සෑම තීරණයක්ම ගන්නේ සාකච්ඡා කරලා නිසා අපි අතර ප්‍රශ්න ඇති වෙනවා අඩුයි. එදා පටන්ම අපට ඒම් එකක් තිබුණා. ඒ අපටම කියලා නිවහනක්, වාහනයක් ගන්නයි. මේ වනවිට ඒ ඒම් එකට එන්න අපට හැකිවුණා.”

මිහිරට තරහ යන්නේ මොනවගේ වෙලාවටද?
“ඇත්තටම, වාහනය පදවන කොට අනිත් රියැදුරන් නිසා මට දැනෙන්නේ පුදුම තරහක්. ඒක නිසා මම වැඩියම කැමැති හයිවේ එකේ වාහනය පදවන්නයි.”

මිහිර විහිළු කතා කීමට රුසියෙකි. ඒවා අසන අප සිතුවේ ඔහුට තරහ නොයනවා යන්න ය. ඒත් ඔහු තරහ ගන්නේ අවිනීත රියැදුරන් සමඟය.

මිහිර වැඩියම කන්න කැමැති මොනවාද?
“ගමේ කෑමත් සමඟ බත් කන්න ඔහු නිතරම කැමැතියි. විශේෂයෙන්ම තුඹ කරවිල උයලා, අසමෝදගම් කොළ සම්බෝලයට ඔහුගේ දැඩි රුචිකත්වයක් තිබෙනවා. එහෙම නොවුණු කෑම හැදුවා කියලා ඔහු මට කරදර කරන්නේ නැහැ. 


හදලා තියෙන දේත් එක්ක ඕන දෙයක් කනවා. කඩවල්වලින් නම් ඔහු කන්නම කැමැති නැහැ. මම උයන දේ බොහොම කැමැත්තෙන් රස කරලා කනවා විතරක් නොවෙයි නිතරම අගය කිරීමටත් ලක් කරනවා.”

“නෑ ඇත්තටම ඈ උයන කෑම එක රසයි. ඈට රසට උයන්න පුළුවන්.”

බිරියගේ කතාවට හූමිටි තිබ්බ මිහිර විවේකයක් ලැබෙන විට මොකද කරන්නේ?
විවේකයක් ලැබෙන කාලය බොහොම අඩුයි. ඒ සියල්ල බැලන්ස් කරන්නේ මගේ බිරිය තමයි. මගේ නිර්මාණ කටයුතුවලට දින දීම භාර දීලා තියෙන්නේ ඇයටයි. මොකද මට නිතරම ඒ ගැන අමතක වෙන නිසා. ඒ පැත්තෙන් මාව ඇය නිදහස් කරලා තිබෙනවා. 


ඒ වගේම ෂොපින් යන්න මගේ ඒතරම්ම කැමැත්තක් නැහැ. මගේ කමිසයේ පටන් මට අවශ්‍ය සියල්ලම මිලදී ගන්නේ ඈ තමයි. විවේකයක් ලැබෙන මොහොතක චිත්‍රපටයක් බලන්න, නිවෙසට වෙලා විවේකීව ඉන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. 

බිරිය ඉන්නේ ගෙදරට වෙලා නිසා, ඇයත් සමඟ ඒ විවේකය බෙදා හදාගන්නත් එක්ක නුවරඑළිය වගේ ඈත පළාතකට යන්නත් අපි අමතක කරන්නේ නෑ.”
 
Related Posts with Thumbnails