Ads 468x60px

.

ෆේස්බුක් නිසා මියගිය වෙනූෂා පිළිබදව නැවතත් හිතන්නට යමක් (වීඩියෝ)


‘වෙනූෂා ඉමන්දි’ යන නම දැන් බොහෝ දෙනෙක්ට අමතක ඇති. නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇය තරම් කතා බහට ලක්වූ පාසැල් සිසුවියක් වෙන නැති තරම්. 

ඒ ඇය ෆේස්බුක් වෙබ් අඩවියේ පළවී තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිය විදුහල්පතිවරයා බැන වැදීම නිසා සියදිවි නසාගත් සිසුවියක නිසයි.

ඒ සිදුවීම දැන් බොහෝ දෙනෙකුට අමතකවී ඇතත් දරුවන් අන්තර් ජාලය නිසි අයුරින් භාවිතා කිරීමට යොමුකිරීමත්, දරුවන්ගේ ප‍්‍රශ්න දෙස වැඩි හිටියන් මීට වඩා සංවේදී ලෙස බැලීමටත් වෙනූෂා වැඩිහිටියන්ගේ දෑස හැරියා. වෙනූෂා සුන්දර තරුණියක වූවා පමණක් නොව ඇය දක්ෂ
තරුණියක්ද විය.

නර්තන අංශයෙන් ඇය දැක්වූ දක්ෂතා පෙන්වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයටද මුදාහැර තිබෙනවා. දෙරණ නාලිකාවේ සංගීත වැඩසටහනකට සහභාගීවී ඇය පෙන්වන නර්තන දක්ෂතාවයන්ගෙන් අකාලයේ මියගිය ඇය පිළිබදව නැවතත් හිතන්නට යමක් ඉතිරි කරාවි.


 
Related Posts with Thumbnails