Ads 468x60px

.

ෆේස්බුක් පෙම කෙලවර වූ නිසා බාල්කයේ එල්ලුණු වේයන්ගොඩ තරුණයා


උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි වේයන්ගොඩ බණ්ඩාර නායක මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අවිශ්ක ඕෂාන් නමැති 20 හැවිරිදි තරුණයකු තම නිවෙසේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගෙන 21 වැනි දා හවස දෙකට පමණ මිය ගොස් තිබෙනවා.

මියගිය තරුණයා වේයන්ගොඩ වටැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුලේ වැඩිමහල් දරුවාය. මියගිය සිසුවා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඉගනුම ලබන පාසල් සිසුවියක සමඟ වසර දෙකකට පෙර සිට අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රේම

සම්බන්දයක් ඇති කරගෙන තිබෙනවා.

ෆේස් බුක් සමාජ ජාලය හරහා ඇති කරගත් දෙවසරක ප්‍රේමය අතරතුර සිසුවිය තරුණයාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ වියෝවෙන් සියදිවි හානි කරගෙන
තිබෙනවා. තරුණයා ප්‍රේමයේ විරහවෙන් දින කීපයක සිට පසු වූ බවත් ඒ හේතුව මත තම ජීවිතය නැති කරගන්නට ඇතැයි මියගිය තරුණයාගේ ඥාති සහෝදරයකු පැවසුවා.

තරුණයාගේ වියෝවත් සමඟ වටැද්දර ගම්මානයම කම්පාවට පත්ව ඇති අතර සියදිවි නසා ගැනීම පිළිබඳව නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails