Ads 468x60px

.

උදරය නෙරා ඒමට හේතුවෙන මෙම අයහපත් පුරුදු වහාම නවත්වන්න


1. ලොකු පිගන් වල ආහාර ගැනීම

ප්‍රමාණයෙන් කුඩා පිගන් වල ආහාර ගැනීම අඩුවශයෙන් ආහාර අනුභව කිරීම සදහා උපකාරී වෙන බව කරනලද පර්යේෂණයන් වලදී සනාත වී ඇත. ප්‍රමාණයෙන් විශාල පිගන් වලට ආහාර වැඩි වශයෙන් පුරවාලීමට

හැකියාව ඇති නිසා එලෙස පුරවාගනු ලබන ආහාර අපතේ යැවීමටද නොහැකි නිසා සියලුම ආහාර අනුභව කිරීමට ඔබ පෙලඛෙනවා.  

මෙම තත්වය තුල ප්‍රමාණය ඉක්මවා ආහාරයන් ශරීර ගත වී උදරය නෙරා ඒමේ අවධානම් තත්වයක් පවතින බව හොදින් මතක තබා ගන්න.

උදරය නෙරා ඒම සදහා හේතුවෙන මෙම අයහපත් පුරුද්ද සුළුවෙන් තකන්නට එපා. ප්‍රමාණය ඉක්මවා ආහාර අනුභව කිරීම පිලිබදව අවධානයෙන් සිටින්න. නැතිනම් ආහාර අනුභවය සදහා කුඩා ආහාර බදුනක් භාවිතා කරන්න.

2. ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීම

ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීමේදී කොටිසොල් වැනි ආතති හොමනයන් වැඩි වශයෙන් ශ්‍රාවය වීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් අහාර සදහා දැඩි කෑදර කමක් ඔබ තුල ඇති වෙන අතර එහි අවසානය නම් ප්‍රමාණය ඉක්මවා ආහාර අනුභව කිරීමයි. 


ඔබ ප්‍රමාණවත් තරම් නින්දක් ලබාගන්නවනම් ආහාර රුචිය පාලනය කරගැනීම සදහා උපකාරී වෙන ලෙප්ටින් හෝමෝන මට්ටමේ වැඩිවීමක් සිදුවෙන අතර උදරයේ මේදය පාලනය කරගැනීම සදහා එය ඔබට උදව් වෙනවා. මේ සදහා විසදුම වන්නේ රාත්‍රී නින්ද පැය 7 ක් 8ක් වැනි දීර්ඝ නින්දක් බවට පත්කර ගැනීමයි.

3. බදින ලද ආහාර

බදින ලද ආහාර රසයෙන් වැඩි වුනත් උදරය නෙරා ඒම සදහා හේතු වෙනවා. ධමනි ඇහිරීම සදහා හේතුවෙන ට්‍රැන්ස් ෆැට්ස් වලින්ද පොහොසත් මෙම බදින ලද ආහාර උදර ප්‍රදේශය රාත්තල් ගණනින් වැඩි කිරීම සදහාද ක්‍රියා කරනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

4. සෝඩා වර්ගයන් පානය කිරීම

සතියකට එක් වරක් සෝඩා පානයන් පානය කිරීම සදහා පරුදු වී සිටින පුද්ගලයින් හා සසදා බලන විට දිනපතා සෝඩා පානයන් පානය කරන පුද්ගලයින්ගේ ශරීරයේ බර පස් ගුණයකින් පමණ වැඩිවීමේ හැකියාවක් ඇති බව කරන ලද පර්යේෂණයන් විශාල සංඛ්‍යාවකින්ම සනාත වී තිඛෙනවා. 


ඩයට් සෝඩා පානයන්  සදහාද මෙම අවධානම පවතින බව හොදින් මතක තබා ගන්න. මොකද එම පානයන් වල ආහාර සදහා දැඩි කෑදර කමක් ඇති කරන කෘතීම රසකාරකයන් බහුලවම පවතිනවා.

සෝඩා පානයන් වෙනුවට පිරිසිදු ජලය හෝ සීනි භාවිතා නොකර සකස් කරගන්නා ලද නැවුම් පලතුරු යුෂ පානයන් භාවිතා කරන්නට පුරුදු වීම මේ සදහා එකම විසදුමයි.

5. ප්‍රමාදවී ආහාර ගැනීම.

නිදා සිටින විට අප ශරීරයේ වූ බොහොමයක් ජෛව පද්ධතියන් විවේකීව සිටීම සදහා යම් නැඹුරු තාවයක් දක්වනවා. එවැනි ජෛව පද්ධතියක් සදහා වූ හොදම උදාහරණයක් නම් අපගේ ආහාර ජීරණ පද්ධතියයි. 


ඔබ ආහාර අනුහව කරන්නේ ගොඩක් ප්‍රමාද වීනම් ඔබ පරිභෝජනය කරන ලද කැලරි සියල්ලම දහනය කිරීම සදහා ශරීරය ක්‍රියා කරන්නේ නැහැ. ආහාර අනුභව කල විගස ආහාර පුරවාගෙන නින්දට යැමේදී අජීරණය සහ අම්ල ප්‍රතිවාහය වැනි ශාරීරික තත්වයන් ඇතිවෙන්නට පුළුවන්.

නිදගැනීමට පැය 3කට පමණ පෙර ආහාර අනුභව කරන්න. රාත්‍රියේදී බඩගිනි වී ඔබ ඇහෙරෙනවා නම් සීනි සහ ලුණු වලින් පිරිපුන් ආහාරයන් වෙනුවට කුඩා පලතුරු කැබැල්ලක් වැනි යමක් ආහාරයට ගන්න.

6. අඩු වශයෙන් ප්‍රෝටීන් අනුභව කිරීම

රුධිර සීනි මට්ටම සමබර කරගන්නට, ඉන්සියුලින් හෝමෝන මට්ටම අවම කරගන්න අතරතුර ශාරීරික පරිවුර්තීය ක්‍රියාවලිය වැඩි කරගන්නට අවශ්‍ය නම් වැඩි පුර ප්‍රෝටීන් අනුභව කලයුතු වෙනවා. 


වැඩිපුර ආහාර අනුභව කිරීම සදහා ඔබව පොළඹවන හෝමනයන් වල බලපෑම මගහරිමින් ආහාර රුචිය පාලනය කරගැනීම සදහා උපකාරී වීමට ප්‍රෝටීන් වලට හැකියාව තිඛෙනවා. තවද ප්‍රෝටීන් අනුභව කිරීමෙන් බොහෝ වෙලාවක් යනකන් උදරය පිරී පවතිනවා. 

එම නිසා එම කාලය තුල වෙනත් සුළු ආහාර වේල් අනුභව කිරීම සදහා ඔබ පෙළඹෙන්නේ නැහැ. ඉහත සදහන් කරනලද ආකාරයට තමයි ඔබගේ උදරය අඩු කරගැනීම සදහා ප්‍රෝටීන් ඔබට උපකාරී වෙන්නේ.

දවසකට ඔබ අනුභව කලයුතු ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 25කි. ඔබ අධික ලෙස වෙහෙස වී කටයුතු කරන කෙනෙකු නම් මාංශ පේශීන් වල හැඩය ආරක්ෂා කරගැනීම සදහා වැඩිපුර ප්‍රෝටීන් ග්‍රෑම් 10ක් පමණ ආහාරයට එකතු කරගන්න.

උදරය නෙරා ඒම පාලනය කරගැනීමට හෝ උදරය අඩු කරගැනීම සදහා කොපමණ උත්සහ කලත් ඔබ මෙම අයහපත් පුරුදු වල නිරත වී සිටිනවා නම් ඉන් කිසිදු පලක් වෙන්නේ නැහැ. එම නිසා මෙම අයහපත් පුරුදු නවත්වාලීම අද සිටම අරඹන්න.
 
Related Posts with Thumbnails