Ads 468x60px

.

බුදු හිමිට කල නිගරුවට Playboy සමාව අයදී නිගරු කළ ඡායාරූප වෙබ් අඩවියෙන් ඉවත්කරගනී.


බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට ඇති බව අප වෙබ් අඩවිය විසින් ඊයේ  (09) දිනයේ හෙළිදරව් කරනු ලැබුවා.

එම පුවත මෙතනින්.
http://www.hotandfastnews.com/2014/10/playboy.html 

බුදුන් වහන්සේගේ රුවට අගෞරව වන පරිදි ඇමරිකාවේ නිරූපිකාවක වන නාසියා ජැන්සන් සුප්‍රකට "ප්ලේයි බෝයි" සඟරාවේ පෙනී සිටි ඡායාරූපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බෞද්ධ
ජනතාව අතර දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබුණා. 

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංවිධාන කිහිපයකට අයත් ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙක් මේ පිළිබඳව දැඩි මත පල කර තිබුණා.

බොදු බල සේනා සංවිධානය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් දක්වමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සිය සංවිධානය "ප්ලේ බෝයි" සඟරාවේ බලධාරීන් වෙත විරෝධතාවය දැක්වීමට වැඩ පිළිවෙළක් සකස් කරමින් සිටින බවය.

සිහල රාවය ජාතික සංගමයේ උපසභාපති සුධර්ම ස්වාමින් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

"සම්මා සම්බුදු ශාසනයට හානි කරන දේවල් බොහොමයක් 2600 සම්බුද්ධ ජයන්තියේ ඉඳලම විවිධාකාරයෙන් පැන නැගුණා.මේ කාලයේ බුදු පිළිම කොමඩ්වලට දාලා තියෙන, බාලයන්ගේ මෝඩ අනුවණ වැඩ ලොව පුරාම අපිට දක්නට ලැබෙනවා. අපි විශ්වාස කරනවා මේ දේවල් සිද්ධ කරේ මූලධර්ම හා අන්තවාදී පිරිස් කියා. 


මේ වලදි අපි ඉවසන බව කියා ඔවුන් මේ දේවල් කරනවා. මේ පිළිබඳව අපි දැඩිව කණගාටු වෙනවා. නමුත් දැන් අපි අවදි විය යුතු කාලය ඇවිල්ලා. මේ වලට එරෙහිව හැම දෙනාම එකතු වෙලා, පෙළ ගැහිලා කටයුතු කරන්න ඕන කාලය එළඹිලා තියෙනවා."

බුදුන් වහන්සේගේ රුව මත හිඳිමින් නාසියා පෙනී සිටින මෙම ඡායාරූපය ප්ලේ බෝයි සඟරාවේ පල වී ඇත්තේ පසුගිය අගෝස්තු පළමුවෙනිදා වේ. රාවණා බලය සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මෙසේ සිය විරෝධය පල කරති.

"බෞද්ධයා සහ බෞද්ධයන්ට අනන්‍ය වූ දේවල් මෙන්ම බුදු රජාණන් වහන්සේ හේතු  පාඨ කොටගෙන ගොඩක් අය මේ වෙනකොට ලෝකය පුරා අද පමණක් නොවේ, මේ රටේ පමණක් නොවේ මෙවැනි පහරදීම්, අපහාස කිරීම් වගේ දේවල් සිද්ද වෙන්නෙ. 


එයින් සිදු වන එක් අවස්ථාවක් තමයි මේ ප්ලේ බෝයි කියන සඟරාවේ නිරුවත් කාන්තාවක් බුදුරජාණන් වහ්සේගේ පිළිරුව ඉදිරිපිට නොයෙක් ආකාරයේ පින්තුර ලබා ගැනීම. මෙයට විදේශ කටයුතු අමාත්‍යංශය සහ රජය මැදිහත් වී මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි. 

මෙවැනි දේ සිදුවීම දිහා උපහාසයෙන් බලා සිටීම නෙමේ ප්‍රශ්නේ. මේවාට විරුද්ධව හඬක් නඟලා මේවා නැති කිරීමට තමා උත්සහ ගත යුත්තේ. බුදු දහම රකිනවා කියන්නේ එයයි. 

ඒ නිසා රජයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජය පියවරක් ගන්නේ නැත්නම් ඒ සඳහා දැනුම් දීමටත් ඒ පිළිබඳව කතා කිරීමට සුදානම් බවත් පැහැදිලිව කියනවා."

මෙම දැඩි මත හමුවේ එම ඡායාරූප වෙබ් අඩවියෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ බවත් ඉදිරියේදී බුදු දහමට හෝ වෙනත් ආගමකට අපහාස වන කිසිදු දෙයක් පළකිරීමෙන් ඔවුන් වලකින බවටද සහතික වී තිබෙන බව මේ වන විට අපට වාර්තා වී තිබෙනවා.

  බුදු පිළිමයක් උඩ නිරුවත් වුනු Playboy නිරූපිකාව
 
Related Posts with Thumbnails