Ads 468x60px

.

සුරාජ් මාපා කොණ්ඩය හිටවූ කතාවේ මුල මැද අග


පසුගියදා සුරාජ් මාපාගේ කොණ්ඩය සිටුවීම පිළිබඳ ප‍්‍රවෘත්තිය වෙබ් අඩවි ගණනාවක පුවත් සංසරණය වුණා. කාලීන තොරතුරු පිලිබඳව නිරන්තරයෙන් රැඳී සිටින අපත් මේ පිලිබඳව සොයා බැලුවා.
 

ඉතින් අපට දැන ගන්නට ලැබුණේ විලාසිතා අතරින් ප‍්‍රමුඛ තැනක් කොණ්ඩයට ලබා දෙන සුරාජ් මාපාගේ එම කොණ්ඩය හිටවූ කතාව
සත්‍යක් බවයි. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඇතුළු ඔහු සමඟ කළ සංවාදය පහතින්.

සුරාජ් අපට කියන්න මේ කොණ්ඩය හිටවපු කථාව ඇත්තක් ද?

ආ...ඔව්, මම ගිය සතියේ තමයි කොණ්ඩය හිටෙව්වේ..

හදිසියේම කොණ්ඩය හිටවන්න හේතුව මොකක් ද?
මම වෘත්තියෙන් නළුවෙක්. එතනදී පෙනුම වැදගත් වෙනවා. කෙනෙකු ගේ කොණ්ඩයත් හරිම වැදගත් වෙනවා. ඔහුගේ හෝ ඇයගේ පෞරුෂයට. නළු වෘත්තියේදී අප දක්වන චලනයන් දිහා අපට ආදරය කරන ප්‍රේක්ෂකයෝ  හොඳින් බලන් ඉන්නවා. 

මම හිතනවා මගේ කොණ්ඩයත් මට මගේ වෘත්තීය හොඳින් කර ගැනීමට ඉවහල් වන අංගයක් කියලා. මේ ක්ෂේත‍්‍රයට ආපු අළුතත් මම විවිධ විදියේ කොණ්ඩ මෝස්තර සකසා ගනිමින් රඟපෑම්  සිදු කළා. අදත් මම නවීන විලාසිතා අනුගමනය කරනවා, මතුවටත් මම නවීන දේ අගය කරන කෙනෙක්. 

ඒ විලාසිතා අතරින් ප‍්‍රමුඛ තැනක් මම මගේ කොණ්ඩයට ලබා දෙනවා.  මම මේ ක්ෂේත‍්‍රයට ආවෙ  කොණ්ඩ මෝස්තර නිරූපණයෙන්. ඉතින් මම හිතුවා මගේ පරණ පෙනුම, මම ක්ෂේත‍්‍රයට එද්දී තිබුණු පෙනුම නැවත ලබා ගන්න  ඕනෙ කියලා. අනෙක් කාරණය තමයි මේක ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රමයක්. 

ලෝකයේ ගොඩාක් අය දැන් මෙවැනි දේ කර ගෙන තමන්ගේ පෙනුම අළුත් කර ගැනීමට නැඹුරු වෙලා තියෙනවා. ඒක අළුත් වෙනසක්. මමත් මේක සිංගප්පූරුවෙන් කර ගන්නයි හිටියේ, ඒත් ඒ ලොව ප‍්‍රකට සමාගමේ එක් ශාඛාවක් ලංකාවෙත් පටන් ගෙන තියෙන නිසා මම එතැනින් කරගත්තා.

දවස් කීයක් ගත උනා ද වැඩේට?
දවස් ගණන් ගත වු‍ණේ නැහැ. පැය 6ක් විතර කාලයකින් කර ගන්න පුළුවන් උනා. අතර මැද දී පොඩි විවේකයකුත් ලැබුණා. මේක ඉතින් ස්වභාවික ප‍්‍රතිකර්මයක් නිසා කොණ්ඩය වැවෙන්න මාස කිහිපයක් ගතවෙයි.

මේ වැඩේ කරන්න බයක් දැනුණේ නැද්ද?
අපෝ නැහැ. මම මේක ගැන Online Study කළා. මේ ප‍්‍රතිකර්මය කරපු කිහිප දෙනෙක්ගෙන් අහලා දැනගත්තා. ඒ අයට දැනෙන දේ. මේ සම්බන්ධයෙන් හැමෝගෙම ප‍්‍රතිචාර හොඳයි. 


අනික මම මගේ කොණ්ඩය හිටෙව්වේ ලෝක ප‍්‍රසිද්ධ සමාගමක ලංකාවේ ශාඛාවෙන්, ඒ අය අළුත් Technology එක භාවිතා කරලා වැඬේ හරිම පහසුවටත්, පිළිවෙළටත්, කරලා දුන්නා. මේක ස්වභාවික ප‍්‍රතිකර්මයක් නිසා අතුරු ආබාධ ඇත්තෙත් නැහැ.

මොනවද අළුත් තොරතුරු මේ දවස්වල මොකද කරන්නේ ?
මේ දවස් වල රිදී රැයක් පුහුණුවීම් කටයුතු කරනවා. ඊට අමතරව අළුත් චිත‍්‍රපටයකුයි, Teledrama එකකුයි ජනවාරි මුල පටන් ගන්නවා.
 
Related Posts with Thumbnails