Ads 468x60px

.

හත්වැනි ජනාධිපතිවරණයට දහනව දෙනෙක්‌ නම් දුන්නේ මෙහෙමයි.


හත්වැනි ජනාධිපතිවරණයට තරග කිරීමට ඊයේ නාමයෝජනා භාරදුන් අපේක්‍ෂකයෝ දහනව දෙනාම (19) මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ඉදිරියේදී ඊයේ (8 දා) ඒ සඳහා සුදුසුකම් ලැබූවා.

තරග කරන අපේක්‍ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර භාරගැනීම ඊයේ (08 වැනිදා) පෙරවරු 9.00 සිට 11.00 දක්‌වා මැතිවරණ කොමසාරිස්‌වරයා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු

කෙරුණා.

දේශපාලන පක්‍ෂ 17 ක්‌ අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ අතර ස්‌වාධීනව තවත් අපේක්‍ෂකයන් දෙදෙනකු නාමයෝජනා පත්‍ර භාර දෙනු
ලැබූවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරවරු 10.30 ට පමණ මැතිවරණ කාර්යාලයට පැමිණි අතර පෙරවරු 10.48 ට සුබ මොහොතින් සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්‌ වෙත භාර දුන්නා. 


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරවරු 9.10 ට පමණ මැතිවරණ කාර්යාලයට පැමිණි අතර හෙතෙම පෙරවරු 10.05 ට සුබ මොහොතින් සිය නාමයෝජයා පත්‍රය මැතිවරණ කොමසාරිස්‌ වෙත භාර දෙනු ලැබූවා.

සියලුම අපේක්‍ෂකයන් පෙරවරු 11.00 වන විට නාමයෝජනා පත්‍ර භාර දී අවසන් වූ අතර අනතුරුව පැවැති විරෝධතා කාලය අවසන් වීමෙන් අනතුරුව ප්‍රකාශයක්‌ කළ මැතිවරණ කොමසාරිස්‌වරයා අපේක්‍ෂකයන් 19 දෙනාගේම නාමයෝජනා පත්‍ර පිළිගත් බවත් ජනවාරි මස 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට සියලුම දෙනා සුදුසුකම් ලබා ඇති බවත් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සමඟ එජනිස මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් එක්‌වූ අතර අගමැති වරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් රැසක්‌ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටියා. 


මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එම පක්‍ෂයේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේදාස රාජපක්‍ෂ මහතා පැමිණ සිටි අතර විපක්‍ෂයේ පක්‍ෂ නියෝජිතයන් රැසක්‌ ද මැතිවරණ කාර්යාලයේ රැඳී සිටියා.

බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), එම්. බී. නාමිනිමුල්ල (ඔක්‌කොම වැසියෝ ඔක්‌කොම රජවරු සංවිධානය), පානි විඡේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සිරිතුංග ජයසූරිය (එක්‌සත් සමාජවාදී පක්‍ෂය), මහින්ද රාජපක්‍ෂ (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය), ජයන්ත කුලතුංග, එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය), විමල් ගීගනගේ (ශ්‍රී ලංකා ජාතික පෙරමුණ), මෛත්‍රීපාල සිරිසේන (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), අයි. එම්. ඉල්ලියාස්‌ (ස්‌වාධීන), නිස්‌තාර් මොහොමඩ් (එක්‌සත් සාම පෙරමුණ), අනුරුද්ධ පොල්ගම්පල (ස්‌වාධීන), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), ඒ. එස්‌. පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය), සුන්දරම් මහේන්ද්‍රන් (නව සම සමාජ පක්‍ෂය), ප්‍රසන්න ප්‍රියංකර (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය), නාමල් අජිත් රාජපක්‍ෂ (අපේ ජාතික පෙරමුණ), ආර්. ඒ. සිරිසේන (දේශප්‍රේමී ජාතික පෙරමුණ), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රුවන්තිලක පේදුරුආරච්චි (එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය) යන අපේක්‍ෂකයෝ සියලු දෙනා ජනාධිපති වරණයට තරග කරනු ලබනවා.
 
Related Posts with Thumbnails