Ads 468x60px

.

ඔබත් ෆේස්බුක් එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක්ද - මෙන්න නියම චාන්ස් එකක්


සිය පාරිභෝගිකයින් අන්වර්ථ නාමයන් වෙනුවට සැබෑ නම් පමණක් භාවිතා කළ යුතු බවට ෆේස්බුක් වෙබ් අඩවිය විසින් පණවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

සමලිංගික, අන්තර්ලිංගික සහ කාන්තාවන් ලෙසින් නිරූපණයේ යෙදෙන පිරිමින් වැනි සියගණනක් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පසුගියදා පියවර ගනු ලැබුණා. ෆේස්බුක් ගිණුම් රැසක් ව්‍යාජ ඒවා බවට

පාරිභෝගිකයකු විසින් සිදුකළ පැමිණිල්ලකට ප‍්‍රතිචාරයක් ලෙස සමාගම විසින් එලෙස ප‍්‍රතිචාර දක්වා ඇත.

පසුගිය සති කිහිපයේදී මුහුණ පෑමට සිදුවූ අපහසුතා වලට සමාව ඉල්ලා සිටින බව ෆේස්බුක් වෙබ් අඩවියේ නිෂ්පාදන ප‍්‍රධානි ක‍්‍රිස්ටෝපර් කොක්ස් විසින් නිවේදනයක් නිකුත් කර ඇතැයි පැවසේ. 


සැන් ෆ‍්‍රැන්සිස්කෝහිදී පිරිමි නිරූපිකාවන්, නීතිඥයින් සහ ෆේස්බුක් නියෝජිතයින් අතර පැවැත්වුණු හමුවකින් අනතුරුව ගිණුම් නාමය පිළිබඳ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට තීරණය වී ඇත.

පිරිමි නිරූපිකාවන් බොහෝ විට සිය සේවා ස්ථාන, පවුල් වලින් වසන් වී කටයුතු කිරීම සඳහා සිය ප‍්‍රසාංගික නාමයන් ෆේස්බුක් ගිණුම් සඳහා යොදාගනිති.

සියලූ අන්වර්ථ නාමයන් ඉවත් කර සැබෑ නම් යොදන ලෙස ෆේස්බුක් සමාගම විසින් දෙසතියක කාලයක් ලබාදුන් අතර නොඑසේනම් අන්වර්ථ නම් සඳහා ඉඩදෙන රසික පිටුවකට මාරුවන ලෙස දැනුම් දෙන ලදී. මේ සමග බොහෝදෙනෙකු එල්ලෝ නම් සමාජ ජාල අඩවියට මාරුවූ බවද වාර්තා විය.
 
Related Posts with Thumbnails