Ads 468x60px

.

දියලුම ඇල්ලෙන් පෙම් යුවල පනින හැටි ඇසින් දුටුවන් කියන කතා - වීඩියෝ


දෙන්නා බදාගෙන කකුල් දෙක නවාගෙන පැන්නේ.
පැන්නට පස්සේ ළඟට යනකොටත් දෙන්නා බදාගෙන හිටියේ

ඊයේ පස්වරුවේ දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් තරුණයාගේ සිරුරද අද පෙරවරුවේ සොයා ගැණුනා. ඊයේ පස්වරු 4ට පමණ මෙම තරුණ යුවල දියලුම ඇල්ලෙන් පහළට පනින වීඩියෝ දර්ශනයක් එවා තිබුණා.

සිද්ධියෙන් මියගියේ හපුතලේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි යෝගරාජා නැමති තරුණයෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි සකුන්තලා උදයංගි නැමති තරුණියක්. දිය ඇල්ලෙන් පැනීමට පෙර
අදාළ තරුණිය ඥාතියෙකුට ඒ බව පවසා ඇති අතර පසුව ඥාතීන්
පොලීසිය සමග එම ස්ථානයට ළගාවත්ම ඔවුන් ඉන් පැන ඇති බව වාර්තා වුණා.

ඊයේ පස්වරුවේම තරුණියගේ සිරුර එහි තිබී ගොඩගනු ලැබුවා.  කෙසේ වෙතත්, පැවති අධික වර්ෂාවත් සමග තරුණයාගේ සිරුර සොයා ගැනීමට අපහසු වූ අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අද පෙරවරුවේ
ඔහුගේ සිරුරද සොයා ගත්තා. සිරුරු මේ වනවිට කොස්ලන්ද රෝහලේ තැන්පත් කර තිබෙනවා.

එම අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවන් දැක්වූ අදහස්....

‘‘හදිසියේම දැක්කා දෙන්නෙක් උඩට වෙලා බලාගෙන ඉන්නවා, මම ෆෝන් එක ඔන් කරගෙන වීඩියෝ කරගෙන හිටියා. විනාඩි 10කට පස්සේ දෙන්නා පැන්නා වතුරට.. දෙන්නා බදාගෙන කකුල් දෙක
නවාගෙන පැන්නේ.‘‘

‘‘දියලුම උඩ අපි දැක්කා කපල් එකක් ඉන්නවා, විනාඩි 2ක් විතර හිටියා. අපි හිතුවේ නෑ පනී කියලා, එකපාරටම දෙන්නා බදාගෙන පැන්නා, පැන්නට පස්සේ අපි ගියා ළඟට, එතන්ට යනකොටත් දෙන්නා
බදාගෙන හිටියේ..‘‘

මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින්....

 
Related Posts with Thumbnails