Ads 468x60px

.

මුද්දරගම කුකුල් චාලි සමග යහ පාළනය​ට

දැඩි මරාවාදියෙක් වූ ස්ත්‍රී දූෂක මුද්දරගම කුකුල් චාලි  (J.D.C ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ) රාජ්‍ය භාෂා කොමසාරිස් වන්නේ වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ පිහිට මගිනි.

ආචාර්ය නන්දදේව විජේසේකර වැනි ගෞරවනිය උගතුන් හෙබවූ මෙම  ධුරයට ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර පිලිබඳ චෝදනා ලබා සිටින සුරා ධුර්තයෙකු පත් කිරීම පිළිබඳව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දිගින් දිගටම අප්‍රසාදය පළ කොට තිබුනද
වාසිදේව කේවට්ටයා නිසා මුද්දරගම කුකුල් චාලිට උපද්‍රවයකින් තොරව  රාජ්‍ය භාෂා කොමසාරිස් ධූරයේ පැහැරීමට හැකි විය​.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය භාෂා කොමසාරිස් ජේ . ඩී. සී ජයසිංහ රාජකාරී කරන්නේ මත්පැන් ගඳ වහනය වෙමින් බව රාජ්‍ය භාෂා කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පවසති. 


මීට පෙරද රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා මීරිගම නගරයේ බීමතින් හතර ගාතයෙන් සිටියදී මීරිගම නගරයේ ත්‍රීරෝද රියැදුරන් කිහිප දෙනෙකු විසින්  මුද්දරගම පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන ලදී. මත්පැනට ලොල් වී සිටින මෙම නිලධාරියා මාංගෙදර මුද්දරගම ගම් වාසීන් විසින් හඳුන් වන්නේ කුකුල් චාලි නමිනි. 

ජේ . ඩී. සී ජයසිංහ විසින් 1999 වසරේදී මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය බලහත්කාරයෙන් දුෂණය කොට තිබේ.


මෙම සාපරාධි ලිංගික අතවරයෙන් පසුව ප්‍රියදර්ශනී තරුණිය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස මහතා මගින් මීරිගම පොලිසියට පැමිණිල්ල ක් කිරීමට ගිය අවස්ථාවේදී ස්ත්‍රී දුෂකයා විසින් ග්‍රාම නිලධාරියාට සහ පොලිසියට බලපෑම් කොට පැමිණිල්ල ඉවත් කර ගන්න ලදි. 

මේ නිසා 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි  නසා ගත්තාය . ඇයගේ මරණින් පසු මෙම අපරාධය සදාකාලිකව වසන් කිරීමට දූෂකයාට හැකි විය.  

එසේම මොහු තම දරුවන් ගෙන යාම සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී වැඩිහිටි සිසුවියකගේ පියයුරක් මිරිකීම නිසා  ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කරන ලදී.


මෙම ළමා අපචාර සිද්ධිය ගම්පහ පොලිස් ස්ථානයට දෙමාපියන් විසින් දැනුම් දුන්නද ඔහු එවකට ගම්පහ ප්‍රබල දේශපාලකයෙකු වූ රෙජි රණතුංග ගේ උපකාරයෙන් කිසිදු චෝදනාවක් නොලබා ගැලවී යාමට සමත් විය. 

මොහු කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති ලෙස සේවය කරන කාලයේදී ද විවාහක කාන්තාවකට බලපෑම් කිරීමට ගොස් ඇයගේ සැමියාගෙන් පහර කෑමට ලක් වූ බවද කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ නිලධාරීහු පවසති. 

ජේ . ඩී. සී ජයසිංහ වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් ජේ ඩී සී ජයසිංහව නින්දිත ලෙස තම අමාත්‍යංශයෙන් පළවා හරින ලද පුද්ගලයෙකි. 


- අමිල ගුණරත්න​
 
Related Posts with Thumbnails