Ads 468x60px

.

ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් - නහය ඇස්දෙකේ.. ඇස් නළලේ...

තලවාකැලේ  ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් ඉකුත් 18 වෙනි දින සිදුවූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් අබේරත්න මහතා පවසනවා.

ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ නෝනා වතුයායේ වතුකම්කරු පවුලක තුන්වන ගැහැණු දරුවා වශයෙන් බිහිකළ මෙම සිඟිත්තියගේ නාස් කන් සහ ඇස් අසාමාන්‍ය විදිහට පිහිටා තිබූ බවත් සිඟිතිය ප්‍රසූතවීමෙන් පසු පැයක් ඇතුලත මියගිය බවත් වෛද්‍යවරයා පැවසුවා.

මෙම අසාමාන්‍ය දරු උපත පිළිබඳව සායන වලදී තමන් දැන සිටි බවත් එම මව විසින් නියමිත ශක්ති වඩන ඖෂධ ලබානොගැනීම හෝ වැරදි

ඖෂධ ලබාගැනීම හේතුවෙන් මෙවැනි අසාමාන්‍ය දරු උපතක් සිදුවිය හැකි බවයි වෛද්‍යවරයා කළා.

මව නිරෝගීව සිටි බවද වෛද්‍ය ජගත් අබේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළා.



 
Related Posts with Thumbnails