Ads 468x60px

.

ඔබේ නමින් දුම්රියකුත් තියෙනවා නේද කියලා ඇහුවම - ඒ ගැන මගෙන් මුකුත් අහන්න එපා කියලා


වර්තමාන ආදරය ඔබ දකින්නේ කොහොමද?
 
අද බොහෝ දෙනෙක් මුදල් මුල් කරගෙනයි ආදරය කරන්නේ. ඒ වගේම තරුණ ළමයි අතර ලැජ්ජාව භය නැතිවෙලා තියෙනවා. රට සංවර්ධනය වෙලා ඇති. තමන් භෞතික විදියට දියුණු වෙලා ඇති. 


ඒත් අධ්‍යාත්මිකව හැම මනුස්ස යෙක්ම පිරිහිලා. ඒ වගේ හේතු නිසා මව්පියන් නොහඳුනන, සහෝදර සහෝදරියන් නොහඳුනන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. අද කාමයටයි මුල්තැන දීලා තියෙන්නේ. 

පුතා බලන්නේ අම්මව හරි දූෂණය කරන්න. මව්පියෝ අවවාද කළොත් ගෙදරින් පැනලා යනවා. ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න බයයි. ඉස්සර නම් දරුවෙක් අතරමන් වෙලා ඉන්නවා දැක්කොත් එක්කන් ගිහින් මව්පියන්ට භාරදෙනවා. 

අද කරන්නේ රවට්ටගෙන ගිහින් දූෂණය කරන එක. මේ වගේ ප‍්‍රශ්න වලට හේතු රාශියක් මම දකිනවා. මම සැලෝන් එකක් කරන කෙනෙක්. සමහර අම්මලා කුඩා දැරියන්ව එක්කරගෙන ඇවිත් විවිධ මෝස්තරද
කරන්න කියනවා. කොට ඇඳුම් අන්දවනවා. 

ඔවුන්ගේ ළමා කාලය අහිමි කරනවා. සමහර අම්මලට මම කියලා ආපසු යවපු අවස්ථා තියෙනවා. හේතුව කුඩා දැරියෝ රූපය විකෘති කළාම ඒ අය හිතන්නෙත් වැඩිහිටියෝ විදියට. ඔවුන්ගේ බාහිර ආකර්ෂණය වැඩිවෙනවා.

අද ළමයි කුඩා කාලයේම ආදර සම්බන්ධතා ගොඩනගා ගන්නවා. හෝටලයකට යන්න කතාකළත් ඊට කැමති වෙනවා. දරුවන්ගේ ලැජ්ජා භය නැතිවීම පිළිබඳ ලොකුම වගකීම ගන්න වෙන්නේ මව්පියන්ට.

ගයාත‍්‍රිගේ මිත‍්‍රත්වය ඔබේ ජීවිතයට සමීප වෙන්නේ මොන ආකාරයටද?

 
මම කලාවට ආව මුල් කාලයේමයි ගයාත‍්‍රි මට මුණගැහෙන්නේ. අපි දෙන්නම අවිවාහකයි. ඒ කාලේ මම සුමිත්ට ආදරය කරනවා. ඒ කාලයේ ඇති වුණ ඒ හිතවත්කම අදටත් ඒ ලෙසම අපි පවත්වගෙන යනවා. හැමෝගෙම ජීවිතවලට ඒ වගේ හොඳ යාළුවෙක් ඉන්න  ඕන. 


මොකද අපිට අපේ දුක සැප, ගැටළු බෙදාගන්න ස්වාමිපුරුෂයා වගේම හොඳ යහළුවෙක් හෝ යෙහෙළියක් අවශ්‍යයි. ගොඩක් අය හිනාවෙලා කතා කරලා එක දෙක කරලා කියලා ප‍්‍රශ්න ඇතිකරන අයයි. 

ඒ නිසයි බොහෝ අයට හොඳ මිතුරන් නොලැබෙන්නේ. ඒ නිසා මගෙයි ගයාත‍්‍රිගෙයි මිත‍්‍රකම ගැන ගොඩක් අය කතාකරනවා. අපි නිතර දෙවේලේ මුණගැහෙන එකට කාගෙන බීගෙන ඉන්න දෙන්නෙක් නෙවෙයි. ඒත් අපි ගොඩක් හොඳ යාළුවෝ දුකේදි සැපේදි අපි ළඟින් හිටියා. 

ඒ යාළුකම හරිම ප‍්‍රභලයි. සුමිත් - චන්න, අපේ පවුල් දෙකේ දරුවෝ අපි හැමෝම ගොඩක් සුහදව ඉන්නේ ඒ බැඳීම නිසා. මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. ගයාත‍්‍රිත් මට මගේ සහෝදරියක් කියලා කියන්න පුළුවන්. මේ පිළිබඳ වැරදි විදියට කතාකරන පිරිසක් ඉන්නවා. 

ඒත් අපේ යාළුකම අගය කරන පිරිස වැඩියි. අපි රූපලාවන්‍ය පැත්තෙන් කාන්තාවන්ට විශාල සේවයක් සපයනවා. අපි හොඳ යාළුවෝ සහදරියෝ විදියට ඉදිරියටත් සමාජයටත් කළයුතු සේවයන් සපයමින් ජීවත්වෙනවා.

ඔබේ නමින් දුම්රියකුත් තියෙනවා නේද?

 
ඒ ගැන මගෙන් මුකුත් අහන්න එපා. ඒ පිළිබඳ  ඕනතරම් පත්තර වලට කතාකරන්න ඉඩදීලා තිබුණා. ඒ නිසා දැන් ඒ සම්බන්ධව කතාකරන එක තේරුමක් නැති දෙයක්.
 
Related Posts with Thumbnails