Ads 468x60px

.

නීතියට ඉහළින් කිසිවකු නැතැයි යන්න සනාථ කල අසල්වැසි ඉන්දියාව...


නීතියට ඉහළින් කිසිවකු නැතැයි යන්න අසල්වැසි ඉන්දියාවේ අධිකරණය යළිත් සනාථ කර ඇත. ඒ සුපිරි බොලිවුඩ් නළු, චිත්‍රපට නිෂ්පාදක සල්මන් ඛාන් පුරා වසර පහකට සිරගෙට යැවීමෙනි. 

මීට වසර 13කට පෙර බීමතින් රිය පදවා පදික වේදිකාවක නිදා සිටි පිරිසක් රියට යට කර එක් අයකු මරණයට පත්කර සිවුදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඔහුට එල්ලවී තිබූ චෝදනාවය. සල්මන් ඛාන්ට එරෙහි
නඩුව විභාග කළ 'මුම්බායි' අධිකරණයට, නඩුව විභාග කළ කාලය පුරා විවිධ බලපෑම් එල්ල වූ බව ප්‍රකට රහසකි. 

බොලිවුඩ් සිනමාවේ 'සුපිරි තාරකාවක්' වන සල්මන් ඛාන්ට දඬුවම් කිරීම බොලිවුඩ් සිනමා කර්මාන්තයට මරු පහරක් වනු ඇතැයි යන්න බලපෑම් කළ උදවියගේ ප්‍රමුඛ තර්කය විය. එහෙත් අධිකරණය ඒ කිසිවක් 'හේතුවක්' කර නොගත් බව ලබාදී ඇති තීන්දුවෙන් පැහැදිලිය.

වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමේදී ඉන්දීය අධිකරණය 'විත්තිකරුගේ' තරාතිරම හෝ බලපුළුවන්කාරකම තඹ‍ෙදායිතුවකට මායිම් කරන්නේ නැත. තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජෙයරාම්ට ලබාදුන් සිරදඬුවම ඊට කදිම නිදර්ශනයකි. 


'අම්මා'ව සිරකරන්න එපා යැයි කියමින් තමිල්නාඩුවේ විශාල උද්ඝෝෂණ පැවැත්වුණද ඇතැමුන් දිවි නසා ගත්තද අධිකරණය ඒ කිසිවකින්් සැලුණේ නැත. ඔවුන්ට වැදගත් වූයේ ඇයට එල්ල වී තිබූ 'චෝදනා' නීතිය හමුවේ සැකයකින් තොරව ඔප්පු වී තිබේද යන්න පමණි.
 
Related Posts with Thumbnails