Ads 468x60px

.

එම්.ජී. ධනුෂ්කට කොච්චර කිව්වත් අහන්නේ නෑ අපේ සිංදු කියන්න එපා කියලා - සුසිල් සහ ධනපාල


එම්.ජී. ධනුෂ්ක....  රියැලිටි තරගාවලියකට ඉදිරිපත්ව හිස් ටින් එකක් වගේයි අපේ ජීවිතේ වැනි පැරණි ගීත ගායනා කරමින් ජනතාවගේ නොමද ජනප්‍රසාදය ලබාගෙන එම තරගාවලියෙන් ජයග්‍රහණය කරනු ලැබුවේය. 

ඔහු විසින් වැඩි වශයෙන් එම තරගාවලියේදී ගයනු ලැබුවේ පැරණි ගීතයන්ය. එහෙත් මේ වන විට එම පැරණි ගීතවල මුල් හිමිකාරත්වය ඇති ගායකයන්ගේ දියණිවරුන් සහ පුතුන් විසින් මෙම ගීත සම්බන්ධ
යෙන් විවිධ නීතිමය කරුණු ලබාගැනීමට පෙළඹී සිටිනවා. 

එසේම ඇතැම් ගායකයන්ද ධනුෂ්කට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදහස් කරගෙන සිටින බවයි වාර්තා වන්නේ.

එම්.ජී. ධනුෂ්කට එරෙහිව එලෙස නීතිය ඉදිරියට යාමට සූදානමින් සිටින අයෙකි ධනපාල උඩවත්ත. ඔහු පවසන්නේ ධනුෂ්ක විසින් තමාගේ ගීත කිහිපයක්ම රියලිටි තරගවලදී ගායනා කළ බවයි. 


එහෙත් එය තරගයක් සඳහා ගායනා කිරීම නිසා ඒ ගැන තමාට ගැටලුවක් නොමැති බවත් එහෙත් ප්‍රසිද්ධ වේදිකාවල තමාගේ ගීත ගැයිම අනුමත කළ නොහැකි බවත්ය. 

තමන් ධනුෂ්කට අවස්ථා කිහිපයකදී තමාගේ ගීත ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කිරීමෙන් වළකින ලෙස අවවාද කළ බවත් ධනපාල උඩවත්ත මහතා පවසනවා. එපමණක් නොව ධනපාල උඩවත්ත මහතා විසින් එම්.ජී. ධනුෂ්කට එන්තර වාසියක්ද යවා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස එන්තර වාසිය යැවීමෙන් පසුව ධනපාල උඩවත්ත මහතාට කතා කළ එම්.ජී. ධනුෂ්ක  ආයේ කිසිදු දිනක ඔබතුමාගේ ගීත ගායනා නොකරන බවත් සමාවන ලෙසත් පැවසූ බවයි ධනපාල උඩවත්ත මහතා පවසන්නේ. 


එහෙත් එලෙස පැවසුවද තවදුරටත් ධනුෂ්ක තමාගේ ගීත ගායනා කරන බවට ආරංචි ලැබී ඇති බවත් තමන් සහභාගි වන ඇතැම් සංගීත ප්‍රසංග වලට ඔහුද සහභාගි වන නමුත් තමා ගීත ගායනා කර යනතුරු වාහනය තුළට වී සිටින බවද උඩවත්ත මහතා පවසනවා. 

එසේම යම් හෙයකින් ඉදිරියේදී තමාගේ සින්දු කියනවා දුටුවහොත් හෝ ආරංචි වුවහොත් අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබාදීමට පසුබට නොවන බවත් විශාල වන්දි මුදලක් ඉල්ලා නඩු දැමීමටත් කටයුතු කරන බවයි ධනපාල උඩවත්ත වැඩිදුරටත් පැවසුවේ.

එසේම ගායන ශිල්පි සුසිල් ප්‍රනාන්දු මහතාද ධනුෂ්කට එරෙහිව නඩුමගට යාමට සූදාමින් සිටින්නේ මෙවැනිම කාරණයක් හේතුවෙනි. ඒ සුසිල් ප්‍රනාන්දු මහතාගේ ගීත ධනුෂ්ක විසින් ප්‍රසිද්ධ වේදිකාවලදී ගායනා කිරීම සම්බන්ධයෙනි. සුසිල් විසින් ද ධනුෂ්කට එන්තරවාසියක් යවා තිබෙනවා.


එලෙස එන්තරවාසියක් යැවුවද තවදුරටත් තමාගේ ගීත ප්‍රසිද්ධ සංගීත සංදර්ශනවලදී ධනුෂ්ක විසින් ගායනා කරන බවට ආරංචි ලැබී ඇති බවයි සුසිල් ප්‍රනාන්දු ගායන ශිල්පියා පවසන්නේ. එසේම ඇතැම් සංගීත ප්‍රසංග වල වීඩියෝ දර්ශන නැරඹීමේදීද ධනුෂ්ක තමාගේ ගීත ගායනා කර ඇති ආකාරය තමන් දුටු බවද ඔහු පවසනවා.

එක් අවස්ථාවකදී ධනුෂ්ක තමාගේ කකුල් දෙක අල්ලා වැද අනේ සුසිල් අන්කල් සමාවෙන්න... මම ආයේ තාත්තාගේ සින්දු කියන්නේ නැහැ කියා පොරොන්දු වූ බවත් එහෙත් ඒ දිගින් දිගටම සිදුකරගෙන යන බවට සුසිල් ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා. 


එම අවස්ථාවේදී ආයේ අපේ සින්දු කියන්නේ නැතිවම ඉක්මනට තමන්ගේම කියලා සින්දු ටිකක් හදා ගන්න කියලා අවවාද කළ බවත් ගායන ශිල්පී සුසිල් ප්‍රනාන්දු මහතා පවසනවා. 

තාත්තාගේ සින්දුවක් කියලා කියක් හරි හොයාගන්න එකෙන් තාත්තා හරි පිනක් වෙනවානේ කියලා සද්දේ නැතිව සිටි බවත් ඔහු වැඩිය දඟලන්න හැදුවොත් නඩු දමන බවත් සුසිල් ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේම තමන් ජීවිත කාලේම සින්දු කියලා හොයපු සල්ලිවලට වඩා අපේ තාත්තාගේ සින්දු කියලා ධනුෂ්ක සල්ලි සොයා ඇති බවත් සුසිල් ප්‍රනාන්දු මහතා පවසනවා.
 
Related Posts with Thumbnails