Ads 468x60px

.

මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගයාට පාඩමක් ඉගැන්වූ තරුණියකගේ වීඩියෝව


‘‘එක අතක් බෑග් එක අස්සෙන් මගේ ඇඟේ ගෑවෙන විදිහට තියාගෙන ඇඟ අතගාන්න පටන් ගත්තා.‘‘

කාලයක් ලංකාවේ පුවත් මැව්වේ එල්.ටී.ටී.ඊ. සංවිධානය. පසු කාලයක දේශපාලන චරිත පුවත් මවන්න පටන් ගත්තා. එත්, ඒ සියල්ලන්ටම වඩා මේ වන විට ලංකාවේ පුවත් මවන්නේ කාමාතුරයන්.

යාපනයේ ‘‘විද්‍යා‘‘ නම් තරුණිය සමූහ දූෂණය කළ හැටි ඔබට මතක ඇති. එදා විද්‍යා ජිවිතයෙන් වන්දි ගෙවුවේ මේ රටේ සදාචාර පරිහානිය
නිසයි. මගතොටේ පාසැලේ වගේම බස් එකේදිත් මෙවැනි අතවර සිදුවීම බහුල කරුණක්. එත්, මෙවැනි කාමාතුරයන්ට පාඩම් ඉගැන්වීම නම් දුලබ සිදුවීමක්.

කාමාතුරයන්ට පාඩම් උගන්වන දුලබ අවස්ථාවක් ඉන්දියාවෙන් පසු ගියදා වාර්තා වුණා. එරට මාධ්‍යවේදිනියක් තමන්ට කරදර කරන්නට උත්සාහ කළ අයෙකුට කදිම පාඩමක් ඉගැන්වූ අපූරුව එහිදී වාර්තා වුණා.

එවැනිම පුද්ගලයෙකුට පාඩමක් උගන්වන අවස්ථාවක වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. ලංකාවේ බස් රථයක මේ සිදුවීම සිදුව ඇති අතර අනංගයාට පාඩමක් උගන්වා ඇත්තේ ද තරුණියක් වීම විශේෂත්වයක්.

ඇය තමන්ගේ නම් ගම් නොමැතිව පහත සටහන ද ලියා අපට එවනු ලැබුවේ තවත් සොයුරියක් මෙවැනි මොහොතකට මුහුණ දුන හොත් කළ යුත්තේ කුමක් ද යන්න කියා දීමට විය යුතුයි.

‘‘මේ සිද්ධිය වුනේ 138 මහරගම-පිටකොටුව බස් එකකදී. මං බස් එකකට නැග්ගේ මහරගමින්. නුගේගොඩට එනකනුත් බස් එකේ හිටියේ හතර  පස් දෙනෙක් විතරයි. අදාළ පුද්ගලයා බස් එකට නැග්ගේ නුගේගොඩ ගුවන් පාලම පහුවෙද්දී. 

මේ පුද්ගලයා මාව පහු කරගෙන ගිහින්, ආයෙත් මාව දැකලා මගේ
සීට් එකෙන්ම වාඩි  වුනා. මම හිටියේ ජනේලේ අයිනේ. අච්චර සීට් තියෙද්දිත් මං  ලඟින්ම වාඩි වෙද්දීම මට මිනිහා ගැන සැකයක් ආවා. 

අනික ඒ මිනිහා කීප වතාවක්ම හොරෙන් හොරෙන් වට පිට බැලුවා.
මිනිහා වාඩි වුනේ පුළුවන් තරම් මාව ජනේලේ අයිනට තෙරපෙන විදිහට. ඊට පස්සේ එක අතක් බෑග් එක අස්සෙන් මගේ ඇඟේ ගෑවෙන විදිහට තියා ගත්තා. මම පුළුවන් තරම් එහාට වෙන්න වෙන්න මිනිහා තව තව මගේ ලඟට ආවා. ඒ වෙනකොට බස් එක තිබුනේ කිරුලපන හංදියේ.

මිනිහා හිමින් සැරේ මගේ කළව අතගාන්න පටන් ගත්තා. පිළිකුල වැඩි කමට එවෙලේ මං කරන්න ඕනේ මොකක්ද කියලා හිතන්නවත් කාලයක් ගත්තේ නෑ. ආපු ආවේගය  මම පිට කළා. මේ වගේ  තිරිසනුන් බස් වලදී අපට ඕනෑතරම් මුණ ගැහෙනවා. හැමදාම ඉවසන්නත් බෑනේ.

මේ සිද්ධිය වුනු වෙලාවත්  කියන්නම ඕනේ. දවල් දොළහ පහු වුනා විතරයි. මේ වගේ ගිනි දවාලකදිවත් ගෑනු කෙනෙක්ට නිදහසේ බස් එකක යන්න බැරි නම් මහ රෑ ගැන කවර කතාද ?‘‘

මං  කරපු දේ හරිද වැරදිද කියලා මේ වීඩියෝ එක බලලා ඔබම තීරණය කරන්න.

එහි හිරු වීඩියෝව පහතින් 
 
 
Related Posts with Thumbnails