Ads 468x60px

.

දිවුරුම් දෙන්න ආව අගමැතිතුමා මහින්දට අතට අත නොදුන් හේතුව - සම්පූර්ණ වීඩියෝව


අද දිනයේ නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවා. එයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂද සහභාගී වී සිටි අතර දිවුරුම් දීමට අගමැතිතුමා පැමිණෙන
මොහොතේ සිදුවූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර් ජාලය පුරා වීඩියෝ රැසක් හුවමාරුවෙමින් පවතිනවා.

එහි දැක්වෙන්නේ අගමැතිතුමා පැමිණෙන මොහොතේ මහින්ද රාජපක්ෂ ඔහුට අත දුන්නද එය ගණන් නොගෙන අගමැතිවරයා එම ස්ථානය පසුකර යන අයුරුයි.

කෙසේ නමුත් මේ වන විට එහි සම්පූර්ණ වීඩියෝව ඔබවෙත ගෙන එන්නට අපට හැකිවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද
රාජපක්ෂ මහතා අත දිගුකර සුභපතන්නට යන අවස්ථාවේ අගමැතිතුමා
අවධානයෙන් පැමිණෙන්නේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණ සිටින ස්වාමීන් වහන්සේලා දෙස බවයි වීඩියෝව නැරඹීමෙන් පෙනීයන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා අත දිගුකළත් ඔහු පසුකර යමින් ස්වාමීන් වහන්සේලාට ආචාර කරන අගමැතිතුමා නැවත පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දී සුභපැතුම් පිළිගන්නා අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

එහි හිරු වීඩියෝව පහතින් නරඹන්න....

 
Related Posts with Thumbnails