Ads 468x60px

.

නුවර සැලුන් එකකින් මේක් අප් දැමූ තරුණිය - ක්ලාන්ත ගතියක් ඇතිවී හදිසියේ මියගිහින්


මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස 27 පමණ වන තරුණියක් හිටි හැටියේ කවුරුත් නොසිතූ ලෙස මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඇය මෙසේ මියගොස් ඇත්තේ රූපලාවන්‍ය කටයුත්තක් සඳහා
බියුටි සැලුන් එකකට ගොස් නැවත පැමිණීමෙන් අනතුරුව බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

ඇය විවාහ උත්සවයක් සඳහා සහභාගී වීමට මෙලෙස රූපලාවන්‍ය කටයුත්තක් සිදුකරගෙන ඇති අතර ඒ සඳහා ඇය තෝරාගෙන ඇත්තේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්ථානයකුයි.

උදේ වරුවේ එයට ගොස් මේක් අප් එකක් දමාගෙන දහවල් 12 පමණ වන විට ඇය සේවා ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී හදිසියේ ඇති වූ
රෝගී තත්වයක් නිසාවෙන් ඇය මහනුවර රෝහලට ඇතුලත් කර ඇත්තේ දහවල් 12.30 පමණයි.

කෙසේ නමුත් සවස 1.30ට පමණ ඇය මියගොස් තිබෙනවා. මෙම හදිසි මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර මරණයට හේතුව ලෙස සැකකරන්නේ රූපලාවන්‍ය කටයුත්තේදී එයට
යොදාගත් යම් ද්‍රව්‍යයක් ඇලජික් වීම බවයි පැවසෙන්නේ.

ඇයගේ මෘත ශරීරය මේ වන විට රෝහලේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරමින් පවතින බවට ආරංචි වනවා. ඇයගේ මිතුර මිතුරියන්ද මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ ශෝකය පළකර තිබෙනවා.

එහි තවත් පුවත් පහතින්.

රූපලාවන්‍ය සත්කාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ මහනුවර - මැද්දෙපතන - අම්පිටිය ප්‍රදේශයේ තරුණියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

ඊයේ (20) පෙරවරුවේ මහනුවර පොලිස් මෘත ශරීරාගාරයේදී අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රජයේ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.ශිව සුබ්‍රමනියම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. අනතුරුවයි ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකළේ.

තම සේවා ආයතනයේ මිතුරියකගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වීමට පෙර රූපලාවන්‍ය සත්කාරය ලබාගැනීම සඳහා ඇය මහනුවර - තැන්නේකුඹුර ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට ගොස්
තිබෙනවා. පසුව, ඇය රැකියාවේ නිරත මහනුවර පිහිටි ඇඟලූම් කර්මාන්තශාලාවට පැමිණීමෙන් අනතුරුව රෝගී වී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ ඇඟලූම් ආයතනයේ මානව සම්පත් කළමනාකරු දුෂ්මන්ත ජයසිංහගෙන් කියා සිටියේ ජීවිතක්ෂයට පත් තරුණිය ඇඟලුම් ආයතනයට පැමිණ ක්ලාන්ත ගතියක් ඇතිවී රෝගී වීම හේතුවෙන් සිය ආයතනයේ ප්‍රථමාධාර ඒකකයට යොමුකළ බවයි.

කෙසේ වෙතත්, රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමෙන් විවිධ ආසාත්මිකතාවයන් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා චර්ම රෝගී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට ප්‍රකාශ කරනවා.

මීට පෙර ද මෙවැනි සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මස නාවල පදිංචි පී.ඒ. ප්‍රියංගනී නමැති වෛද්‍යවරිය බම්බලපිටිය - විශාකා පාරෙහි පිහිටි පෞද්ගලික සායනයකින් රූප ලාවන්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. එමෙන්ම, එම වසරේදීම පියයුරු සැත්කමක් සඳහා මාලඹේ රූපලාවන්‍යා ගාරයකදී ලබාගත් සත්කාරවලින් පසු තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහි හිරු වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails