Ads 468x60px

.

එස්.බී ට එරෙහිව අන්තර්ජාල පෙත්සම මෙන්න..


පසුගිය මහමැතිවරණයේදී මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි නියෝජිතයන් බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කිරීමට ජනතාව ක්‍රියා කර තිබුණි. එසේ පරාජයට පත්වූ අපේක්ෂකයන් අතර හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක වැනි ප්‍රකට චරිත ද සිටී.

නමුත් දේශපාලන ආරංචි මාර්ග වලට අනුව එසේ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් 6

දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට එවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පැවසේ. 

එම සාමාජිකයන් වන්නේ එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් ය.

පරාජයට පත්වූ හිටපු මැති ඇමතිවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන් තුවට එවීම පිලිබඳ දැඩි මහජන විරෝධයක් මේ වන විට පැන නැගී ඇති අතර එස්.බී දිසානායක මහතා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් නොකරන ලෙස ඉල්ලා සැකසූ අන්තර්ජාල පෙත්සමක්ද මේ වන විට සමාජ ජාල හරහා සංසරණය වෙමින් පවතී.

එම පෙත්සම පහතින්,


 
 
Related Posts with Thumbnails