Ads 468x60px

.

කහවත්තේ ඝාතනවලින් කීපයක සුලමුල හෙළිවේ

කහවත්ත ප්‍රදේශයේ අභිරහස්‌ අන්දමින් සිදුවූ වියපත් කාන්තා ඝාතන හතෙන් කීපයක සුලමුල මේ වනවිට අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී ඇතැයි ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතා පැවැසීය.

මේ වනවිට මෙම වියපත් කාන්තා ඝාතන හතෙන් කීපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ඕපනායක සහ කහවත්ත නිලඳුර යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම කීය.

මින් එක්‌ සැකකරුවකු වන හිටපු කොමාන්ඩෝ භටයාගෙන් ප්‍රශ්න කිරීමේදී කහවත්ත කෙලින් වීදිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ හීන් මැණිකේ (85) මහත්මියගේ ඝාතනයට සම්බන්ධ බවට කරුණු හෙළිවී ඇත.

මෙම සැකකරු ඝාතනයට ලක්‌වූ හීන් මැණිකේ මහත්මියගේ පුත්‍රයා වේ.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඝාතනයට ලක්‌වූ හීන් මැණිකේ මහත්මිය පදිංචිව සිටි නිවස සැකකරු සිය නමට ලියාදෙන ලෙස ඉල්ලමින් කීප වතාවක්‌ම ඇයට තර්ජනය කර තිබෙන බවය. විවාහ වී සිටින හිටපු කමාන්ඩෝ සෙබළා නීත්‍යනුකූල සිය බිරිඳ සමඟ අමනාප වී වෙනත් කාන්තාවක්‌ සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන යැම නිසා එම නිවස ඔහුගේ නමට ලියාදීම ඝාතනයට ලක්‌වූ හීන් මැණිකේ මහත්මිය ප්‍රතික්‌ෂේප කර ඇත.

ඉන්පසුව සබරගමුව පළාතෙන් බැහැරව සිටින මියගිය හීන් මැණිකේ මහත්මියගේ දියණියකට එම නිවස ලියාදීමට ඇය තීරණය කිරීමත් සමඟ කහවත්ත අභිරහස්‌ ඝාතන රැල්ලට මුවාවී සැකකරු මෙම ඝාතනය සිදුකර තිබෙන බවට කරුණු හෙළිවී තිබේ.

අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් රහස්‌ පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරයි.

මේ අතර කහවත්ත ප්‍රදේශයේ බියවැද්දීම් හා බියගැන්වීම් මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් පහවෙමින් පවතින බව ද වාර්තා වේ.

එමෙන්ම ප්‍රදේශයේ ජන ජීවිතය මේ වනවිට යථා තත්ත්ව යට පත්වී ඇති අතර, දෛනික කටයුතු ද සුපුරුදු පරිදි සිදුවන බව ද දැනගන්නට ඇත.

මෙම ඝාතන සිද්ධීන්වලට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා යුද හමුදාව හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් තවදුරටත් සිදු කරයි.
 
Related Posts with Thumbnails