Ads 468x60px

.

මම එයාට පුදුම විදියට ආදරය කළා - නෙහාරා

සංවේදී යුවතියක් පතිකුලයට පිවිසෙන්නේ මහ මෙරකටත් වඩා උසට හීන තමන්ගේ හිතේ පුරෝගෙන. තමන් ආදරය කරන ......තමන් ජීවත් වෙන්න කැමති කෙනාව මුළු ජීවිත කාලෙ පුරාවටම තමන්ගේ කර ගන්න බලාපොරොත්තු වෙන යුවතියක්වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න කැමැතියි.

ඒ කැප කිරීම් මල් ඵල ගැන්විලා තමන්ගේ ජීවිතය තරමටම ආදරය කරපු ආදරවන්තයා සමඟ විවාහ වෙන දවසට ඇය සිටින්නේ මහා ආඩම්බරකමකින්, හරියට මුළු ලෝකෙම තමන්ගේ අයිතියට ලැබිලා වගේ.

ආදරය අදහගෙන ජීවත් වෙන යුවතියකටආදරය ලෝකයක් ...........

ඒත් ඒ අදහගෙන ඉන්න ආදරයම

අදහගෙන ඉන්න විවාහයම

දෙදරලා යන කොට, හිතට දැනෙන දුක දරා ගන්න අමාරුයි.

ජීවිතය කියන්නේ අපි ප්‍රාර්ථනා කරන දේම නොවුණත්, සමහර අත්දැකීම් ළඟදීයථාර්ථයට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැහැ. ආදරය පෙන්න ගෙනල ආදරයේ සොඳුරු බව හඟවගෙන යුවතියකගේ හදවතට ඇතුළු වන ආදරවන්තයාට කාලයත් සමඟ තමන් හඟවපු ආදරණීය බව අමතක වෙලා යනවා.

නෙහාරාත් මේ හැම අත්දැකීමකටම මුහුණ දුන්නා ...... දරා ගත්තා. ඒ දරා ගැනීම එක තැනකදි පුපුරලා ගියා.

‘නෙහාරා ඩිවෝස් වෙන්න යනවා’ මේ ආරංචිය ලැව් ගින්නක් වගේ පැතිරිලා ගියාග ඒකට සමහරු විවිධ ඌන පූර්ණයන් යෙදුවා. මේ කරුණු කාරණා ගැන නෙහාරා අපි එක්ක කතා කළා.

‘මමත් සාමාන්‍ය යුවතියක් විදිහට විවාහ වෙන්න කැමති වුණේ මම ආදරය කරපු කෙනා එක්ක. විවාහයට පෙරත් අපි අතර ප්‍රශ්න ඇති වුණා. එහෙම වුණේ තිබුණ නොගැලපීම් එක්ක.

ඇත්තටම මගෙයි නිර්මාල්ගෙයි විවාහයට මගේ ගෙදරින් කැමති වුණේ නැහැ. ඒ විරුද්ධත්වය උඩත් මගේ හිත රිදවන්න මගේ මමීයි, ඩැඩීයි කැමති වුණේ නැති නිසා, විවාහයට කැමැත්ත දුන්නා. කසාද බැන්දාට පස්සේ එන්න එන්නම ප්‍රශ්න වැඩි වුණා.

අන්තිමේදී මගේ මමියි, වැඩායි කිව්වා එකට ඉන්නම බැරි නම් වෙන් වෙන්න. ඒත් ඒ තීරණය ගන්න ඕන ඔයාලමයි කියලා. ඒත් මම තව තවත් ඉවසුවා. ජනප්‍රිය ශිල්පිනියක් විදිහට මගේ වගකීම විදිහට මම විශ්වාස කළේ සමාජය තුළ මම ආදර්ශමත් ජීවිතයක් ගත කළ යුතුයි කියන දේ.

වගේම ලංකාවේ දික්කසාදය කියන දේ අනුමත කරන්නේ නැහැ. මේ හැම දේම නිසා මම ඉවසුවා. ඒත් තේරුමක් වුණේ නැහැග නිර්මාල් හොඳයිග ඒත් එයාගේ අධික කෝපය නිසා තමයි වෙන් වෙන්න සිද්ධ වුණේ.’

‘විවාහයට කලිනුත් නොගැලපීම් තිබුණා කියලා දැනුනා නම් ඇයි විවාහ වුණේ?

‘මට නොගැලපෙනවා කියලා දැනුණෙ නිර්මාල්ව නෙවෙයි, එයාගේ යම් යම් ගුණාංග. ඒත් එයාට තිබුන ආදරේ නිසාම මම ඉවසගෙන හිටියේ ඒ දේවල් බැන්දාට පස්සේ හරි යයි කියලා හිතලා. එයාලගේ පවුල් පසුබිම වුණත් අපේ පවුල් පසුබිමට වඩා හාත්පසින්ම වෙනස්.

කොහෙත්ම ගැළපීමක් නැහැ. මම නිර්මාල්ව තෝර ගත්තේ මට නිර්මාල්ව විතරක් වැදගත් වුණ නිසා. ඒත් දැන් මට තේරෙනවා කසාදයකදී පවුල් පසුබිමත් ගැළපෙන්න ඕන කියලා.’

‘ඔයා ඔහොම කිව්වට ඔයාගෙයිල නිර්මාල්ගෙයි වෙන් වීමට හේතුව එක්තරා ටෙලි නාට්‍ය නළුවෙක් කියලා රාවයක් තියෙනවා?

මට නිර්මාල්ම කියලා තියෙනවා, එයාගෙන් දික්කසාද වෙන්න ගියොත් මගේ නම කැත කරනවා කියලා. මේනක සම්බන්ධ කරලා මේ කට කතාව ගොතලා තියෙන්නේ ඒකයි. මේනක වගේම එයාගේ වයිෆ් මගේ යාළුවෝ. මේ කතා බොරු. බොරුව කියන දේ හැමදාම පවතින්නේ නැහැ. ඒ නිසා මම ඕවට කලබල වෙන්නෙත් නැහැ. උත්තර දෙන්නෙත් නැහැ. දවසක ඇත්ත හැමොටම දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම නිහඬව ඉන්නවා.

නිහඩ බව ඕනෑම ප්‍රශ්නයකට ඇති හොඳම විසඳුමයි. එහෙත් විවාහය අවතැන් වූ ගැහැනියකගේ හදවත කිසි විටෙක නිහඬ වන්නක් නම් නොවේ. තමන් ප්‍රාර්ථනා කළ ජීවිතය තම දැස් ඉදිරියේම කඩා වැටෙද්දී හිතට දැනෙන දුක මේ යැයි කියන්නට නොහැකි තරම්ය.

‘ඇත්ත මට දුකයි. මම නිර්මාල්ට පුදුමාකාර විදිහට ආදරේ කළා. සමහරු හිතුවා මම නිර්මාල්ව බැන්දෙ, එයාට සල්ලි තිබුණ නිසා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපි දෙන්නම ජීවිතේ පටන් ගත්තේ බින්දුවෙන්. සල්ලිවලටවත්, බාහිර පෙනුමටවත් නෙවෙයි මගේ හිතේ ඉඩ තිබුණේ. මම ආදරේටයි කැමති වුණේ. මගේ පවුලේ අය මටයි, නිර්මාල්ටයි විරුද්ධ වෙද්දීල මම ඒවා ඒතරම් දුර නොහිතුවෙ නිර්මාල්ට තිබුණ ආදරය නිසා.’

ආදරය ...... ජීවිතයට ගෙන දෙන දුකට සීමා මායිමක් නැත..........

‘අපි දෙන්නාගේ ප්‍රශ්න දවසින් දවස වැඩි වෙන කොට ඉන්නම බැරි තැන මම මගේ දෙමව්පියො ළඟට ආවේ අප්‍රේල් මාසේ. ඒ ආවට පස්සේ මට ආයෙමත් නිර්මාල් ළඟට යන්න හිතුණා. ඇත්තමයි එදා මට හුස්ම ගන්නවත් බැරි වුණා.

මම ඩැඩාට කිව්වා නිර්මාල් ළඟට ආපහු යන්න ඕන කියලා. ඩැඩා කිව්වා නිර්මාල්ට එන්න කියන්න, එයාට අවවාද කරලා මාව යවන්නම් කියලා. මම නිර්මාල්ට කතා කරලා අඬ අඬා කිව්වා මට ආදරේ නම් ඇවිත් මාව ගෙනි යන්න කියලා. ඒත් එයා ආවේ නැහැ.

ඔය අතරේ මට ටුවර් එකක් වැටුණා. නිර්මාල් පිටරට යන්න ආස නිසා, මේ ගමනට අපි එයාවත් ගෙනිච්චා. එහෙදි මම කිව්වා අපි මේ හැම දේම විසඳගෙන සෙට්ල් වෙලා මාසයක් විතර මගේ මමීලා ළඟ ඉඳලා ඊට පස්සේ අලුත් ගෙදරකට යමු කියලා. එයා කිව්වා අපේ ගෙදර යන්නේ නැතුව වෙනම තැනකට යමු කියලා. මම බැහැ කිව්වහම එයා ගියා.’

නෙහාරාට උවමනා වුණේම නිර්මාල් එක්ක නැවත කූඩු වෙන්න. ඒ තරමටම ඇය තම විවාහ ජීවිතයට ආදරය කළා. ඒත් නෙහාරාගේ ඒ සිතුවිල්ල වෙනස් වුණේ පසුගිය පොසොන් පෝයදා.

එදා ඔහු අපේ ගෙදර ඇවිත් ලොකු රණ්ඩුවක් ගියා. ඩැඩා බේරන්න ගියා. එතකොට නිර්මාල් ඩැඩාට මේසෙ උඩ තිබුණ වීදුරු ඈෂ් ට්‍රේ එකකින් ගැහැව්වා. එදා මට පුදුම කළකිරීමක් ඇති වුණා. එදා තමයි මම ඩිවෝස් වෙනවා කියලා තීරණය කළේ.’

‘මේ ලෝකේ විවාහය බිඳුණ පළවෙනි හෝ අවසන් ගැහැනිය මම නෙවෙයි. මෙතනදී මේ තීරණය හැර මට ගන්න වෙනත් තීරණයක් තිබුණේ නැහැ. මට ආදරය කරන මගේ දෙම්ව්පියන්, මල්ලි, ක්ෂේත්‍රයේ අය, මාධ්‍ය මිතුරන් වගේම රසිකයන් මට විශාල ශක්තියක්. මගේ ඉදිරි ජීවිතය ශක්තිමත්ව ගොඩ නගා ගන්න මට පුළුවන්.’
 
Related Posts with Thumbnails