Ads 468x60px

.

දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේම මිය යයි. ඔයේ ජලයට රසයනික ද්‍රව්‍යයක් මිශ‍්‍ර වුනාද ?

දඩුගම් ඔයේ සිටින මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට පසුගිය ජුනි 08 වැනි සිකුරාදා දිනයේ  සිට වාර්තා වුණි. මේ තත්වය වැඩි වශයෙන්ම දැක ගැනීමට හැකි වුයේ හලාවත-කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දඩුගම් ඔය පාලම ආශී‍්‍රතව සහ සීදුව මුතුවාඩිය පාලම ආශී‍්‍රතවයි.

ඒ පිලිබඳව කල විමසීමකදී සීදුව-කටුනායක නගර සභා බල ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත තිසේරා මහතා සඳහන් කලේ  දඩුගම් ඔය ජලාශයේ ජලයේ ඇති ඔක්සිජන් ප‍්‍රමානය අඩු වීම නිසා මෙලෙස එම ඔයේ මසුන් හිටි හැටියේම මිය යන බවයි. ඒ නිසා වෛද්‍ය ජයන්ත තිසේරා මහතා වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  මෙම ජලාශයේ ජලය පානය කිරීමෙන් සහ එම මැරුණු මසුන් අහාරයට ගැනීමෙන් වලකින ලෙසයි.
ඔහු වැඩිදුරටත් අවධාරනය කරන්නේ මෙවැනි තත්වයක් පසුගිය වසරේද වාර්තා වූ බවයි. ඒ නිසා දැනට සිදු කල මුලික පරීක්ෂන වලින් පසුව ජලයේ ඔක්සිජන් ප‍්‍රමානය අඩු වී ඇති බවට නිගමනය කල හැකි වුවත් එලෙස ජලයේ ඔක්සිජන් ප‍්‍රමානය අඩු වීමට හේතු වී ඇති කරුණු කාරණා පිලිබඳව දැන්ම නිගමනයකට එලඹීමට නොහැකි බවද ඔහු පවසයි.

දඩුගම් ඔයේ ජලයේ ඔක්සිජන් ප‍්‍රමානය අඩු වීමට හේතු වූ කරුණු කාරණා සොයා බැලීමට තමන් දැනටමත් ඔයෙන් ලබා ගත් ජල සාම්පල අදාල වැඩිදුර පරීක්ෂන වෙත යොමු කර ඇති අතර එම පරීක්ෂන වාර්තා පැමිණි පසු එලෙස ජලයේ ඔක්සිජන් අඩුවීමට යම් රසායනික ද්‍රව්‍යයක් බලපා තිබේද නැතිනම් වෙනත් හේතුවක් බලපා තිබේද යන්න ගැන ප‍්‍රකාශ කල හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අදහසයි. කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සීදුව හා ඒ ආශී‍්‍රත ප‍්‍රදේශ වල ජනයාට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් ලබා දෙන නල ජලය පානයට ගැනීමට කිසිදු බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.
 
Related Posts with Thumbnails