Ads 468x60px

.

පිච්ච මල් පූජාවට ලක්‌ෂ ගණනක්‌ එක්‌වෙති

කොටපොල අමරකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් "ශක්‌ති පදනම" 22 වැනි වරටත් සංවිධානය කළ පිච්චමල් පූජාව පෙරේදා (09 දා) ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සියලුම බැතිමතුන් සුදොa සුදුවතින් සැරසී සිටි අතර පිච්ච මල් බහාලූ රත්‍රන් ආලේපිත

බඳුන් රැගත් පෙරහැර ථූපාරාමය අසලින් ඇරැඹිණි. බෞද්ධ කොඩි දහස්‌ ගණනක්‌ද රැගෙන පැමිණීම නිසා මෙම පෙරහැර තව තවත් අලංකාරවත් විය. පිච්ච මල් බඳුන් සියල්ලක්‌ම උඩ මුළුවේදී ජයශ්‍රී මහා බෝධියට පූජා කරන ලද අතර එම අවස්‌ථාවේදී සිහින් පොද වැස්‌සක්‌ද සමගින් සොබා දහමද ඊට ආසිරි පැතීය.

පැමිණි බැතිමතුන් පිරිස ලක්‍ෂ දහයකට ආසන්න වේ යෑයි සංවිධායකවරු ප්‍රකාශ කළහ. බැතිමතුන්ට ශාන්ති පදනම හා තවත් සංවිධාන ගණනාවකින්ම දන්සල් 64 ක්‌ මගින් ආහාර හා සිසිල් පැන්වලින් සංග්‍රහ කරන ලදී. පොලිසිය මගින් ජනතාවට විශේෂ ආරක්‌ෂාවක්‌ ලබාදී තිබූ අතර මාර්ග අවහිරතා ඇති නොවන අයුරින් කටයුතු සංවිධානය කර තිබිණි. ඊට යුද හමුදාවේ ද සහයෝගය ලබා දෙන ලදී. රථවාහන ගාල් කිරීම සඳහා වැඩපිළිවෙළක්‌ ද අතරමංවූවන් සොයා දීම සඳහා ද විවිධ සංවිධාන ගණනාවක්‌ සහයෝගය ලබා දීම මෙවර කැපී පෙනුණි.

අනුරාධපුර නගර සභාව, මහ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්‌ ද පිච්ච මල් පූජාව සඳහා කැපී පෙනෙන සේවාවන් රැසක්‌ ඉටුකළේය. ඊයේ රාත්‍රි රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන් අබියස විශේෂ ධර්ම දේශනා හා පිරිත් දේශනාද පවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.
 
Related Posts with Thumbnails